March 28, 2024

ප්‍රංශ ජනපතිගේ ඉස්ලාමී විරෝධයට හතර වටෙන් ප්‍රහාර - සේයා රුවක් මහා පාරේ අලවා පාගා දමයි

ප්‍රංශය තුළ සිදු වූ ජිහාඩ් ත්‍රස්තවාදී ක්‍රියා කිහිපයකට පසුව ප්‍රංශ ජනාධිපතිවරයා විසින් ඉස්ලාම් අන්තවාදය සම්බන්ධයෙන් දැඩි ප්‍රකාශයන් කිහිපයක් නිකුත් කිරීම නිසා ලෝකයේ ඉස්ලාමික රටවල් කිහිපයක් ම ඔවුන්ගේ දැඩි විරෝධය ඔහු වෙත එල්ල කර තිබේ.

මුහම්මද් නබිතුමා නිරූපණය කරන කාටූන් ආරක්ෂා කිරීම සහ ඉස්ලාමය “අර්බුදයේ ආගම” ලෙස ප්‍රංශයේ ජනපති එමෙනුවෙල් මැක්ක්‍රෝන් විසින් ප්‍රකාශයට පත් කිරීමත් සමඟ මෙලෙස ලෝකයේ මුස්ලිම් ප්‍රජාවගෙන් දැඩි විරෝධයක් එල්ල වී තිබේ.

ඉන්දීයාවේ මුම්බායේ මුස්ලිම්වරුන් වැඩි පිරිසක් ජීවත් වන මුහම්මද් අලි ප්‍රදේශයේ මාර්ගයක ප්‍රංශ ජනාධිපතිවරයාගේ සේයාරුවක් අලවා ඒවා පාගා දැමීමට කටයුතු කර තිබුණි. ඊට අමතවර ඒ පිරිස විසින්ම උද්ඝෝෂණයක් ක්‍රියාත්මක කර තිබූ අතර සමහර පිරිස් ප්‍රංශ ජනාධිපතිවරයාගේ රුවට සෙරප්පු පහරවල් පවා එල්ල කර ඇති බවද ඉන්දීයානු මාධ්‍ය වාර්තා සඳහන් කර තිබුණි.

එමෙන්ම ඉන්දියාව තුළද හින්දු ආගමික කණ්ඩායම් සහ ඉස්ලාම් ආගමික කණ්ඩායම් අතරද මෙම සිදුවීම් සම්බන්ධයෙන් තරමක් උණුසුම්කාරී තත්ත්වයක් හට ගෙන ඇතැයිද ඉන්දියානු මාධ්‍ය වාර්තා කර තිබුණි.

කෙසේ වෙතත් ඉන්දීයානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සඳහන් කර තිබුණේ ප්‍රංශයේ සිදු වූ ත්‍රස්තවාදී ක්‍රියාවන් තමන් හෙළා දකින බවත්, විපතට සහ ශෝකයට පත් වූ සියලු දෙනා හට තමන්ගේ කණගාටුව ප්‍රකාශ කරන බවත්, ත්‍රස්තවාදයට එරෙහි සටනේ දී ප්‍රංශය සමඟ ඉන්දීයාවද එකට සිටින බවයි.

සබැඳි පුවත් -

ප්‍රංශයේ යළිත් පිහි ඇනුම් - ඉහළම ආරක්ෂක අංශයන් කැඳවයි

"ප්‍රංශයේ පිහි ඇනුම්වලට සම්බන්ධ ජිහාඩ් ත්‍රස්තවාදය රැගෙන ආවේ ප්‍රංශය විසින්මයි"

රුසියානු මාෂල් ආර්ට් ලෝක ශූරයාගෙන් ප්‍රංශ ජනපතිට පා පහරක්

Rate this item
(1 Vote)
Last modified on Sunday, 01 November 2020 08:39