April 19, 2024

රුසියානු මාෂල් ආර්ට් ලෝක ශූරයාගෙන් ප්‍රංශ ජනපතිට පා පහරක්

ප්‍රංශය තුළ සිදු වූ ඉස්ලාම් ජිහාඩ් ත්‍රස්තවාදී ක්‍රියාවන් හමුවේ ප්‍රංශ ජනපති එමානුවෙල් මැක්‍රොන් විසින් දැඩි ඉස්ලාම් විරෝධී ප්‍රකාශයන් සහ ක්‍රියාවන් කරමින් සිටියි.

පසුගිය දිනක ප්‍රංශයේ පාසලක් තුළ ඉස්ලාම් දෙවියන් වහන්සේගේ යැයි සඳහන් වන සිතුවම් කිහිපයක් ප්‍රදර්ශනය කළ ගුරුවරයෙකු හිස සිඳ මරා දැමීමෙන් පසුව ඊයේ (29) දිනයේ දී කිතුණු දේවස්ථානයක් තුළදී තවත් පුද්ගලයෙකු හිස සිඳ මරා පිහි ඇනුම් ප්‍රහාරයන් එල්ල කර පුද්ගලයින් තිදෙනකු මරා දමා තිබුණි.

මේ වන විට ප්‍රංශ ජනාධිපතිවරයා විසින් එරට හමුදා බලය යොදා ගැනීම සඳහා එරට උපරිම ආරක්ෂක විධිවිධාන ක්‍රියාත්මක කර ඇතැයිද වාර්තා වේ.

ජනාධිපතිවරයාගේ සමහර ප්‍රකාශයන් ලෝකයේ බොහෝ ඉස්ලාමීය රටවල විරෝධයටද පත්ව තිබේ.

එවන් අවස්ථාවක ලෝකයේ බිහි වූ විශිෂ්ඨ මාෂල් ආර්ට් ශූරයෙකු වන රුසියානු ජාතික කබිබ් නූර්මගොමෙඩොව් විසින් ප්‍රංශ ජනාධිපතිවරයා දැඩි වාග් ප්‍රහාරයක් එල්ල කොට තිබේ.

ඔහු සිය ඉන්ස්ටග්‍රෑම් සමාජජාල ගිනුමේ සපත්තු පාරක සලකුණක් ඇති ප්‍රංශ ජනාධිපතිවරයාගේ රුව සහිත ඡායාරූපයක් පළ කරමින් පවසා තිබුණේ කතා කිරීමේ නිදහස යනුවෙන් පවසමින් ප්‍රංශ ජනාධිපතිවරයා විසින් මුස්ලිම් ඇදැහිලිවන්තයන් බිලියන එකහාමාරකට වඩා වැඩි පිරිසකගේ සිත් රිදවමින් සිටින බවයි.

එමෙන්ම මාෂල් ආර්ට් ශූරයා විසින් වැඩි දුරටත් සඳහන් කර තිබුණේ මෙම ක්‍රියාවන්ට මෙම ජීවිතය තුළත්, එළැඹෙන ජීවිතය තුළත් ලැජ්ජා විඳීමට සිදුවනු ඇති බවටයි.

 මුස්ලිම්වරු, තම මව්වරුන්, පියවරුන්, දරුවන්, භාර්යාවන් සහ ඔවුන්ගේ හදවතට සමීප අනෙකුත් සියලු දෙනාට වඩා අපගේ මුහම්මද් නබි තුමන්ට ආදරය කරන බවද කබිබ් වැඩිදුරටත් ඔහුගේ පණිවිඩය තුළ සටහන් කර තිබුණි.

ප්‍රංශ ජනාධිපතිවරයා හෝ ඔහුගේ ප්‍රකාශකයන් කිසිවෙක් මේ සම්බන්ධයෙන් කිසිවකුත් ප්‍රකාශයට පත් කර නොමැත.

කබිබ් විසින් පළ කර තිබූ සටහන,

Instagram හි මෙම පළ කිරීම බලන්න

Да обезобразит Всевышний лицо этой твари и всех его последователей, которые под лозунгом свободы слова оскорбляют чувства более полутора миллиарда верующих мусульман. Да унизит их Всевышний в этой жизни, и в следующей. Аллах скор в расчёте и вы это увидите. Мы - мусульмане, любим нашего Пророка Мухаммада (да благословит его Аллах и приветствует) больше, чем наших матерей, отцов, детей, жён и всех остальных близких нашему сердцу людей. Поверьте мне, эти провокации им выйдут боком, конец всегда за Богобоязненными. - ‎قبح الله وجه هذا الأبتر وجميع تبعهم الذين يؤذون الشعور أكثر من نصف مليار مسلم تحت قناع الحرية ‎أذلهم الله في الدنيا والآخرة إن الله سريع الحساب ‎نحن مسلمون نحب رسولنا ونبينا محمد صلى الله عليه وسلم أكثر من أمهاتنا وآبائنا وأبنائنا وأزواجنا ومن جميع خلق الله سبحانه وتعالى ‎صدّقوني هذه الاستفزازات سوف تخرج من أعناقهم والعاقبة للمتقين - Holy Quran 33:57 ------------------ إِنَّ الَّذِينَ يُؤْذُونَ اللَّهَ وَرَسُولَهُ لَعَنَهُمُ اللَّهُ فِي الدُّنْيَا وَالْآخِرَةِ وَأَعَدَّ لَهُمْ عَذَابًا مُّهِينًا Воистину, тех, которые поносят Аллаха и Его Посланника, Аллах проклял в этом мире и в Последней жизни и уготовил им унизительные мучения.

(@khabib_nurmagomedov) හි Khabib Nurmagomedov විසින් බෙදා ගත් පළ කිරීමකි හි

Rate this item
(0 votes)
Last modified on Sunday, 01 November 2020 08:39