April 26, 2024

රථ වාහන වලට අදාල නීතියක් ඉවතට - ඇමති දිලුම්ගෙන් අලුත් තීන්දු රැසක්

September 13, 2020

කිසියම් පුද්ගලයෙකු විසින් භාවිත කරන ලද රථ වාහන එම පළාතෙන් පිටත පුද්ගලයෙකුට අලෙවි කිරීමෙන් පසු යළි අංක තහඩුවක් ලබා ගත යුතු බවට පනවා ඇති නීතිය ඉවත් කිරීමට කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසූවේ කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.

ඒ වෙනුවට නව අංක තහඩු ක්‍රමවේදයක් හඳුන්වාදීමට කටයුතු කරන බව හෙතෙම පෙන්වා දුන්නේය.

නව රියදුරු බලපත්‍රයක් සහ නව අංක තහඩුවක් ලබා ගැනීමේදී ද දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට පැමිණීමට අවශ්‍ය නොවන බවත් එය අධිවේගී තැපෑල ඔස්සේ අදාළ පුද්ගලයින්ගේ නිවසට යැවීමට මෝටර් රථ දෙපාර්තමේන්තුව ඉදිරියේ දී කටයුතු කරන බවද අමාත්‍යවරයා පැවසීය.

එමෙන්ම නව අංක තහඩුවක් ලබා ගැනීමේදී පරණ අංක තහඩුව මෝටර් රථ දෙපාර්තමේන්තුවට බාර දීමට අවශ්‍ය නොවන බවත් එය විනාශ කිරීමේ වගකීම එම රථය හිමි පුද්ගලයාගේ වගකීම බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Rate this item
(0 votes)