May 01, 2024

තෙල් සලාකේ යෝජනාවත් අර ඇමතිගෙන්මයි

December 20, 2021

කූපන් ක්‍රමයට ඉන්ධන ලබා දීමේ යෝජනාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වූ බව ප්‍රසිද්ධ කරුණක්.

එම යෝජනාව ඉදිරිපත් කර තිබෙන්නේ කැබිනට් මණ්ඩලයේ ඇමතිවරයෙක්.

යෝජනාවට හේතු දෙකක්

ඉන්ධන භාවිතය ඉහළ යෑම සහ ඉන්ධන ගෙන ඒමට ඩොලර් හිඟකම යන කරුණු මතයි ඇමතිවරයා මෙම යෝජනාව ඉදිරිපත් කර තිබෙන්නේ.

ඉන්ධන ගෙන ඒම සඳහා මසකට ඇමෙරිකානු ඩොලර් මිලියන 400 ක් (රු. මිලියන 80000) වැය වෙන බව බලශක්ති ඇමති උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කිරීමත් සමගයි අදාල ඇමතිවරයා මෙම යෝජනාව ඉදිරිපත් කර තිබෙන්නේ.

එහෙත් එම යෝජනාව කැබිනට් මණ්ඩලය ප්‍රතික්ෂේප කර තිබෙනවා.

උදය ගම්මන්පිල හා වාසුදේව නානයක්කාර යන අමාත්‍යවරුන් ඉතා කිට්ටු දෙපළක්.

කැබිනට් තීන්දුව

කැබිනට් මණ්ඩලයට එම යෝජනාව ඉදිරිපත් කර තිබෙන්නේ වාසුදේව නානායක්කාර අමාත්‍යවරයායි.

වාසුදේව නානයක්කාර අමාත්‍යවරයා සලාක ක්‍රමය හඳුන්වා දී බරපතළ විවේචනයන්ට මුහුණදී 1977 දී අන්ත පරාජයක් ලැබූ 70 - 77 ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මුල් වූ සමගි ආණ්ඩුව නියෝජනය කළ වාමාංශික මන්ත්‍රීවරයෙක්.

වාසුදේව නානයක්කාර අමාත්‍යවරයා මතභේදාත්මක යෝජනා ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් ප්‍රසිද්ධියක් උසුලන්නෙක්.

Rate this item
(0 votes)
Last modified on Sunday, 19 December 2021 22:16

Related items