May 01, 2024

ඩොලර් ප්‍රශ්නය නිසා මේ ඇමතිවරු තුන්දෙනාට නින්ද යන්නෙ නෑලු !

December 20, 2021

කැබිනට් මණ්ඩල ඇමතිවරුන් තිදෙනෙකුට රෑට නින්ද නොයන බව දැනගන්නට තිබෙනවා.

ඩොලර් ප්‍රශ්න , ආර්ථික ප්‍රශ්න ගැන සිතීම නිසා මෙසේ ඔවුන් තිදෙනාට නින්ද නොයන බවයි වාර්තා වන්නේ.

ඇමතිවරුන් තිදෙනා

ප්‍රසන්න රණතුංග , උදය ගම්මන්පිල හා රමේෂ් පතිරණ යන අමාත්‍යවරුන් එසේ නින්ද නොයන අමාත්‍යවරුන් තිදෙනා ලෙසයි ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් අතර ප්‍රසිද්ධ වී සිටින්නේ.

මේ අතරින් රමේෂ් පතිරණ හා උදය ගම්මන්පිල රජයේ කැබිනට් මණ්ඩල මාධ්‍ය ප්‍රකාශකවරුන්ද වනවා.

විශේෂයෙන්ම ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයාට කැබිනට් මණ්ඩල රැස්වීම පවත්වන දින රාත්‍රියේ නින්ද නොයාම තදින්ම බලපාන බවයි දැනගන්නට තිබෙන්නේ.

අරලියගහ මන්දිර රැස්වීම

මෙම ඇමතිවරුන් තිදෙනාට නින්ද නොයෑමේ සිද්ධිය හෙළිදරව් වී තිබෙන්නේ බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ පැවැති අය - වැය යෝජනා ගම් මට්ටමින් ක්‍රියාත්මක කිරීමේ රැස්වීමකදී.

එම රැස්වීම පවත්වා තිබෙන්නේ බැසිල් රාජපක්ෂ මහතා විදේශ ගත වීමට පෙර.

Rate this item
(1 Vote)
Last modified on Sunday, 19 December 2021 22:11

Related items