May 01, 2024

හෙට කැබිනට් රැස්වීම තීරණාත්මකයි! ආණ්ඩුවේ ලොක්කන් දෙදෙනෙකුත් කැඳවයි

December 12, 2021

මේවන විට මෙරටට බලපා ඇති විදේශ සංචිත ගැටලුව හේතුවෙන් ආණ්ඩුව දැඩි අභියෝගයකට මුහුණ දී සිටිනවා.

ඒ අනුව හෙට (13) පැවැත්වෙන කැබිනට් මණ්ඩල සාකච්ඡාවේදී ද ඒ සඳහා වැඩි අවධානයක් යොමු කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

ඒ සඳහා මුදල් අමාත්‍යංශ ලේකම් එස්.ආර් ආටිගල මහතා සහ මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ද කැඳවීමට නියමිතය.

ආණ්ඩුවේ 2022 වසර සඳහා වන අයවැය යෝජනාව පාර්ලිමේන්තුවේදී සම්මත වීමෙන් පසුව හෙට පැවැත්වෙන්නේ පළමු කැබිනට් මණ්ඩල සාකච්ඡාවයි.  

මේ අතර යුගදනවි බලාගාරය සම්බන්ධයෙන් වන ගිවිසුම පිළිබඳවද හෙට පැවැත්වෙන කැබිනට් මණ්ඩල හමුවේදී සාකච්ඡාවට ගන්නා බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළා.

Rate this item
(0 votes)

Related items