April 30, 2024

කැබිනට් එකේ "රිපෝටර්" ඇමති කෙනෙක් - තොරතුරු එසැනින්ම දීලා Featured

මේ දිනවල පවතින කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් කැබිනට් මණ්ඩල රැස්වීම පවත්වන්නෙත් සූම් තාක්ෂණය ඔස්සේ.

පසුගිය කැබිනට් මණ්ඩල රැස්වීමේදී අග්‍රාමාත්‍යවරයා ගෙන ආ යෝජනාවක් කැබිනට් මණ්ඩල රැස්වීම අවසන් වීමටත් පෙර මාධ්‍යයට ගිය පුවතක් වාර්තා වනවා.

එලියට ගිය ප්‍රවෘත්තිය

ඒ කොවිඩ් අරමුදලට ඇමතිවරුන්ගේ වැටුප් පරිත්‍යාග කිරිම පිළිබඳව යෝජනාවයි.

එම යෝජනාව ඉදිරිපත් කොට ටික වේලාවකට පසු බොහෝ ඇමතිවරුන්ගේ දුරකථන වලට "ඇමැති වැටුප කොවිඩ් අරමුදලට පරිත්‍යාග කිරීමට කැබිනට් මණ්ඩලයේ තීන්දු කර ඇති බව" දන්වමින් කෙටි පණිවිඩයක් පැමිණ තිබෙනවා.

එහෙත් එම ප්‍රවෘත්තිය මාධ්‍යයට ලබා දුන්නේ කවුරුන්ද සොයා ගැනීමට නොහැකි වී ඇති බවයි වාර්තා වන්නේ.

කැබිනට් සාමූහිකත්වය

මෙම කෙටි පණිවිඩය ඇමතිවරුන්ගේ දුරකථන වලට පැමිණීමට පෙර රට වසන ලෙස ආණ්ඩුවේම පිරිසක් ජනපතිවරයාට යොමු කළ ලිපිය මුල් කොටගෙන කැබිනට් මණ්ඩල සාමූහිකත්වය රැකීම ගැනද කතා-බස් වී තිබෙනවා.

ඒ ගැන කතා කර එහි උණුසුම යාමටත් මත්තෙන් මෙම පණිවිඩය ලැබීමත් සමග නව ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කර තිබෙන්නේ 'මෙතන සාමූහික වගකීම ගැන කතා කරනවා. ඒත් දැන් මෙතනම ඒක කඩ වෙලා" යන්නයි.

එදා හිටපු රිපෝටර්

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ජනාධිපති ධුරය දරද්දීද මෙවැනි රිපෝටර් කෙනෙකු ගැන තොරතුරු වාර්තා වුණා.

ඒ කාලේ ඒකට ඇඟිල්ල දික් උනේ එවකට ඇමතිකමක් දරපු වත්මන් අගමැතිතුමාට.

එදා ඊට අග්‍රාමාත්‍යවරයා පිළිතුරු දුන්නේ මම දැන් රිපෝටර් නෙමෙයි සංස්කාරක කියලයි.

Rate this item
(0 votes)
Last modified on Monday, 30 August 2021 08:19

Related items