April 30, 2024

ඇමතිකම් මාරු කළේ වැඩ බැරි නිසා: දුන්න අලුත් එකත් සාර්ථක වෙයිද - රාජ්‍ය ඇමති ප්‍රශ්න කරයි

කවදත් මතවාදාත්මක ප්‍රකාශ කිරීමට ප්‍රසිද්ධ විදුර වික්‍රමනායක රාජ්‍ය අමාත්‍යවරයා කැබිනට් මණ්ඩල සංශෝධනය ගැන සිය පුද්ගලික මතය ප්‍රකාශ කොට තිබෙනවා.

යම් ඇමතිවරයෙක් කැබිනට් ධූරයකින් අයින් කරන්නේ එම ඇමති ධුරයේ කටයුතු හරියට කර නැති නිසා බවයි රාජ්‍ය අමාත්‍යවරයාගේ මතය වන්නේ.

සංශෝධනයෙන් සිද්ධ වෙන දේ

එසේනම් එම අමාත්‍යවරයා වෙනත් අමාත්‍ය ධුරයකට දැමීමෙන් එහි කටයුතු හරියට සිදුවනවාදැයි රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රශ්න කරනවා.

මෙවැනි සංශෝධනවලින් සිදුවන්නේ දක්ෂ ලෙස සිය අමාත්‍යාංශය කළ අමාත්‍යවරුන් අදක්ෂයන් කිරීම බව පෙන්වා දෙන රාජ්‍ය අමාත්‍යවරයා අදක්ෂයන්ට නව අමාත්‍ය ධුරයක් ලබා දීමෙන් එසේ ලබාදුන් ලබාදුන් අමාත්‍යාංශයද කඩා වැටීමට ලක් වන බවයි සඳහන් කරන්නේ.

මටත් ප්‍රශ්නයක් තියෙනවා

තමාටද මෙම කැබිනට් අමාත්‍ය ධුර ලබා දීම පිළිබඳව ප්‍රශ්නයක් තිබෙන බවද සඳහන් කරන රාජ්‍ය අමාත්‍යවරයා ඒ මහාචාර්ය තිස්ස විතාරණ මුල්කොටගෙන බවයි පෙන්වා දෙන්නේ.

වෛරස් සම්බන්ධ ලෝකයේම අවදානය දිනාගත් විශේෂඥ මහාචාර්යවරයෙක් වන මහාචාර්ය විතාරණට වගකිවයුතු තනතුරක් පවරා ඔහුගෙන් වැඩක් ගන්නෙ නැත්තෙ ඇයි දැයි කියන එක තමාට පමණක් නොව ආණ්ඩු පක්ෂයේම බොහෝ දෙනෙකුට තිබෙන ප්‍රශ්නයක් බවයි සඳහන් කරන්නේ.

විදුර වික්‍රමනායක රාජ්‍ය අමාත්‍යවරයා මේ අදහස් පළ කර තිබුණේ සති අන්ත පුවත් පතක් සමග කළ සාකච්ඡාවකදී කැබිනට් මණ්ඩලය සංශෝධනය සම්බන්ධයෙන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්.

Rate this item
(1 Vote)
Last modified on Monday, 30 August 2021 00:58

Related items