April 30, 2024

ජනපතිට ලිපි යැවූ ඇමැති තිදෙනාට කැබිනට්ටුවේදී දෝස්මුරයක්! Featured

ඊයේ (23) රාත්‍රී පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ නායකයින් තිදෙනෙකුට දැඩි විවේචනයක් එල්ල කර තිබෙනවා.

ඒ කොවිඩ් පාලනය කිරීම සඳහා රට වසා දමන්නැයි ඉල්ලා ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 10 ක නායකයන් ජනාධිපතිවරයාට යැවූ ලිපියට අත්සන් කළ ඇමතිවරුන් තිදෙනාගේ ක්‍රියා ක්‍රියාකලාපය එහිදී දැඩි විවේචනයට ලක්වී ඇතැයි රජයේ ආරංචි මාර්ග පැවසුවා.

ඇමතිවරුන් වන රෝහිත අබේගුණවර්ධන, එස්.එම් චන්ද්‍රසේන සහ ඩග්ලස් දේවානන්ද යන ඇමැතිවරුන් කැබිනට් රැස්වීමේදී මෙලෙස විවේචනය කර තිබෙන බවයි වාර්තා වන්නේ.

කැබිනට් රැස්වීමේ දී විවෘත ව අදහස් ඉදිරිපත් නොකර, එළියට ගොස් ලිපි ලියා ජනාධිපතිවරයාට යැවීම කැබිනට් මණ්ඩල සාමූහිකත්වය කඩ කිරීමක් බව ද එම ඇමතිවරුන් පෙන්වා දී තිබෙනවා.

කොවිඩ් පාලනය සඳහා රට වසා දමන්නැයි ඉල්ලා ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ දහයක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත පසුගිය සතියේ ලිපියක් යැවූ අතර, කැබිනට් අමාත්‍යවරුන් වන වාසුදේව නානායක්කාර, විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල යන මහත්වරු ද ඊට අත්සන් කර තිබුණා.

Rate this item
(0 votes)

Related items