May 10, 2024

කැබිනට් සංශෝධන රහස් - ජනපති කතා කළ එකම ඇමති

මීට ටික දිනකට පෙර සිදු වූ මණ්ඩල සංශෝධනයේදී අමාත්‍යවරුන් 6 දෙනෙකුගේ විෂයයන් වෙනස් වුණා.

එහෙත් සංශෝධනයට ලක් වූ අමාත්‍යවරුන් බොහෝ දෙනෙකු තමන්ගේ විෂය වෙනස් වන බවක් කලින් දැන සිටියේ නැහැ.

ඒ බව බොහෝ ඇමතිවරු ප්‍රසිද්ධියේම කිව්වා.

ඇමතිවරුන්ගෙන් ඇහුවේ නැහැ

ඒ ඒ සම්බන්ධයෙන් ඔවුන් සමග ජනපතිවරයා අදහස් හුවමාරු කරගෙන නොතිබීම නිසා.

එහෙත් දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට සංශෝධනයට ලක් වූ එක් කැබිනට් අමාත්‍යවරයෙකු සමග සංශෝධනයට පෙර ජනපතිවරයා පුද්ගලිකවම කතා බස් කර තිබෙනවා.

සාකච්ඡා කළ එකම ඇමති

ඒ විදුලි බල අමාත්‍ය ධුරය දැරූ ඩලස් අලහප්පෙරුම මහතා සමඟ.

එම කතා බහේ දී ජනපතිවරයා ඩලස් අලහප්පෙරුම මහතා ජනමාධ්‍ය අමාත්‍ය ධුරය බාර ගැනීමේ ඇති අවශ්‍යතාවය කරුණු සහිතව පෙන්වා දී ඇති බවයි ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ.

රටේ ප්‍රධාන පෙළේ පෞද්ගලික මාධ්‍ය ගණනාවකම ආණ්ඩුවට එරෙහි ප්‍රවෘත්ති වලට වැඩි කාලයක් වෙන් කොට තිබෙන බැවින් තුළ ආණ්ඩු විරෝධී මතයක් ගොඩනැඟී තිබෙන බවයි එහිදී ජනපතිවරයා අලහප්පෙරුම මහතා අමතා සඳහන් කර තිබෙන්නේ.

එපමනක් නොව සමාජ මාධ්‍යද මේ වන විට ආණ්ඩුවට එරෙහිව යන තත්ත්වයක් තිබෙන බවද ජනපතිවරයා අලහප්පෙරුම මහතාට පෙන්වා දී තිබෙනවා.

වැඩේට ඉන්න සුදුස්සා

ඒ නිසා රජයේ ප්‍රතිරූපය ගොඩනැගීම සහ පවත්වාගෙන යෑම සඳහා මාධ්‍ය සමඟ කිට්ටු සබඳතාවක් තිබෙන අලහප්පෙරුම මහතා වඩාත් සුදුසු තැනැත්තා බවයි ජනපතිවරයා අලහප්පෙරුම මහතා අමතා සඳහන් කර තිබෙන්නේ.

සිය පැහැදිලි කිරීමෙන් අනතුරුව ජනපති වරයා අලහප්පෙරුම මහතාගේ මත විමසා තිබෙනවා.

විදුලිබල අමාත්‍ය ධූරය අතහැර ජනමාධ්‍ය අමාත්‍ය ධුරය භාරගැනීමට අලහප්පෙරුම මහතා කැමැත්ත පළකර තිබෙන්නේ ඒ අනුව බවයි ආරංචි මාර්ග වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

Rate this item
(4 votes)
Last modified on Sunday, 22 August 2021 10:56

Related items