May 10, 2024

තවත් කැබිනට් ඇමැතිවරු රැසකට මාරුවක්! වගකීම් වෙනස් කරමින් යළිත් කැබිනට් සංශෝධනයක්

ඉදිරියේ සිදු කිරීමට නියමිත තවත් කැබිනට් සංශෝධයක් පිළිබඳව රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාපක්ෂ මහතා ඉඟියක් පළ කර තිබෙනවා.

රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ඉදිරියට තවත් අමාත්‍යාංශ කිහිපයක් වෙනස් වන බවත් වගකීම් වෙනස් වන බවත්ය.

ආණ්ඩුව ශක්තිමත්ව ඉදිරියට යන්න ගත්ත තවත් පියවරක් බවයි ඊයේ (18) නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයට පැමිණි අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු ප්‍රකාශ කළේ.

ආණ්ඩුව සෑම අවුරුද්දකම වෙනස් විය යුතු බවත් ඒකකාධිකාරී විදිහට ඉදිරියට යාමට නොහැති බවත් පෙන්වා දෙන රාජ්‍ය අමාත්‍යවරයා කැබිනට් අමාත්‍යාංශ ගණනාවක වෙනස්කම් සිදුවන බවත් කියා සිටියා.

"රාජ්‍ය අමාත්‍ය ධුරවලනම් තවමත් හිතලා නැහැ. නමුත් මම හිතනවා ඉදිරියේදී ඒකත් වෙනස් විය යුතුයි. දැන් අවුරුද්දක් අපි අපේ කාර්ය භාරය කළා. මුළු පාර්ලිමේන්තුවටම ඇමතිකම් දෙන්න පුළුවන් නම් හොඳයි. ඒක එහෙම කරන්න බැහැනේ." යැයි  ශෂීන්ද්‍ර රාපක්ෂ අමාත්‍යවරයා සඳහන් කළා.

Rate this item
(0 votes)

Related items