May 10, 2024

කැබිනට් කුට්ටම ඇනිමේ දෙවන වටයත් ඉතා ලඟදීම

ඊයේ (16) ජනපතිවරයා සිදු සුළු කැබිනට් මණ්ඩල සංශෝධනයක් සිදු කළා.

එහිදී කැබිනට් අමාත්‍යවරුන් හය දෙනෙකුගේ විෂය පථයන් එකිනෙකා අතර වෙනස් කිරීමක් මෙන්ම එක් අමාත්‍යවරයෙකුට තවත් නව විෂයත් එකතු කිරීමයි සිදුවුණේ.

පොදුජන පෙරමුණ ආණ්ඩුවට හරියටම වසරක් ඉක්ම යන විටයි ජනපතිවරයා මෙම සුළු කැබිනට් මණ්ඩල සංශෝධනය සිදුකර තිබෙන්නේ.

තවත් වටයක් ලඟදීම

දැනගන්නට තිබෙන තොරතුරු වලට අනුව තවත් වටයක කැබිනට් මණ්ඩල සංශෝධනයක් නුදුරේම සිදුවීමට නියමිතයි.

එහිදී මේ අවස්ථාවේ සංශෝධනයට ලක් නොවූ කැබිනට් මණ්ඩල අමාත්‍යධූර සැලකිය යුතු ප්‍රමාණයක වෙනස්වීම් සිදු වනු ඇති බවයි දැනගන්නට තිබෙන්නේ.

ඊයේ (16) සිදුකළ කැබිනට් මණ්ඩල සංශෝධනයේදී එකිනෙකා අතර වෙනස් කළ අමාත්‍යාංශ 6න් 5ක්ම නියෝජනය කරන්නේ පොදුජන පෙරමුණේ ඇමතිවරුන්.

පොහොට්ටුවේ නොවන එකම ඇමතිවරයා

එසේ නොවන එකම ඇමතිවරයා වූයේ පොදුජන අරමුණ සන්ධානයේ සන්ධානගත පක්ෂයක් වන මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන මහතායි.

පොදුජන පෙරමුන සන්ධානයේ අනෙකුත් සන්ධානගත පක්ෂ නියෝජනය කරමින් අමාත්‍යධුර දරණ විමල් වීරවංශ , උදය ගම්මන්පිල , වාසුදේව නානයක්කාර මෙන්ම ඩග්ලස් දේවානන්ද යන අමාත්‍යවරුන්ගේ අමාත්‍යාංශ සංශෝධනයක් සිදු වූයේ නැහැ.

මේ අමාත්‍යවරුන් ඇතැමකුගේ විෂයයන්ද ඉදිරියේ වෙනස් කිරීමේ දැඩි අවශ්‍යතාවයක් ආණ්ඩුවේ ප්‍රධානීන්ට තිබෙන අතර එහි පෙර නිමිත්තක් ලෙසයි ඊයේ (16) සිදු කළ සුළු කැබිනට් මණ්ඩල සංශෝධනයෙන් දෙන පණිවිඩය වන්නේ.

ඒ හැරුණු කොට ඉතා නුදුරේම සිදුවෙතැයි විශ්වාස කෙරෙන මීළඟ කැබිනට් මණ්ඩල සංශෝධනයේදී කැබිනට් මණ්ඩලයේ පුරප්පාඩුව තිබෙන ඉතිරි අමාත්‍ය ධුර 2 කද පුරවනු ඇති බවයි දැනගන්නට තිබෙන්නේ.

Rate this item
(4 votes)
Last modified on Tuesday, 17 August 2021 02:09

Related items