May 10, 2024

(EXCLUSIVE) ඖෂධ රාජ්‍ය ඇමතිගේ බලතල රැසකුත් නව සෞඛ්‍ය ඇමති යටතට!

නව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට ඖෂධ පිළිබඳ සැලකිය යුතු බලතලද පවරා දීමට ආණ්ඩුව සූදානම් වන බවයි ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ.

එහිදී හිටපු සෞඛ්‍ය ඇමති පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට ඖෂධ සම්බන්ධයෙන් හිමි නොවූ බලතල රැසක් රඹුක්වැල්ල මහතාට හිමි වීමට නියමිතයි.

රාජ්‍ය ඇමතිගේ බලතල කප්පාදුව

එම බලතල මේ වන විට තිබෙන්නේ ඖෂධ සම්බන්ධයෙන් වූ රාජ්‍ය අමාත්‍යවරයා වන මහාචාර්ය චන්න ජයසුමන යටතේ.

එම බලතල පැවරීම කොයි ආකාරයට සිදු වනවා දැයි යන්න පිළිබඳ තොරතුරක් දැනගන්නට නැහැ.

රජයේ ඉහළටම පැමිණිලි

මහාචාර්ය චන්න ජයසුමන මහතා සම්බන්ධයෙන් ජනපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවේ ප්‍රධානීන්ට චෝදනා සහ පැමිණිලි රැසක් ලැබී ඇති බවත් එම ආරංචි මාර්ග පෙන්වා දෙනවා.

එසේ පැමිණිලි ඉදිරිපත් කළ පිරිස් අතර ඖෂධ සමාගම්ද සිටින බවයි දැනගන්නට තිබෙන්නේ.

එම ඖෂධ සමාගම්ද මහාචාර්ය චන්න ජයසුමන මහතාගෙන් එල්ල වන ඇතැම් බලපෑම් පිළිබඳ ලිඛිත සටහන්ද ආණ්ඩුවේ ඉහළම පාර්ශව වෙත ඉදිරිපත් කොට තිබෙන බවත් ආරංචි මාර්ග වැඩිදුරටත් පෙන්වා දෙනවා.

Rate this item
(1 Vote)
Last modified on Wednesday, 18 August 2021 13:42

Related items