May 10, 2024

කැබිනට් කුට්ටම අනයි: 6 කට ස්ථාන මාරු - එක් අයෙකුට වැඩිපුර එකක්

වත්මන් පොදුජන පෙරමුණු ආණ්ඩුවේ පළමු කැබිනට් මණ්ඩල සංශෝධනය මීට ටික මොහොතකට පෙර ජනපතිවරයා ඉදිරියේ සිදු වුණා.

ආණ්ඩුවට හරියටම වසරක් පිරීම සිදුවන අවස්ථාවේයි මෙම කැබිනට් මණ්ඩල සංශෝධන සිදුවුණේ.

හයක වෙනස්කම්

එහිදී කැබිනට් අමාත්‍යධූර හයක වෙනස්කම් සිදු කළ අතර තවත් එක් අමාත්‍යවරයෙකුට වැඩිපුර විෂයයක් එකතුවීමයි සිදුවුණේ.

ඒ අනුව මහාචාර්ය ජී එල් පීරිස් මහතා විදේශ කටයුතු අමාත්‍ය ධුරයටත් , ඔහු මෙතෙක් දරු අධ්‍යාපන අමාත්‍යධූරය මෙතෙක් විදේශ කටයුතු අමාත්‍ය ධූරය දැරූ දිනේෂ් ගුණවර්ධන මහතාටත් , පවිත්‍ර වන්නිආරච්චි මහත්මිය දැරූ සෞඛ්‍ය අමාත්‍ය ධුරය කෙහෙළිය රඹුක්වැල්ල මහතාටත් , කෙහෙළිය රඹුක්වැල්ල මහතා දැරූ ජනමාධ්‍ය අමාත්‍ය ධුරය ඩලස් අලහප්පෙරුම මහතාටත් , ඩලස් අලහප්පෙරුම මහතා දැරූ විදුලිබල අමාත්‍ය ධූරය ගාමිණි ලොකුගේ මහතාටත් , ගාමිණි ලොකුගේ මහතා දැරූ ප්‍රවාහන අමාත්‍යධූරය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියටත් කැබිනට් මණ්ඩල සංශෝධනයේදී හිමිවුණා.

එක ඇමතියෙකුට අමතර වගකීමක්

ඊට අමතරව ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යධූරය දරන නාමල් රාජපක්ෂ මහතාට තමන් මෙතෙක් දරන විෂයයන්ට අමතරව සංවර්ධන කටයුතු සම්බන්ධීකරණ කැබිනට් අමාත්‍යධූරය නම් වූ නවතම අමාත්‍යධූරයකුත් හිමි වුණා.

සතියක පමණ කාලයක සි මෙම කැබිනට් මණ්ඩල සංශෝධනය ගැන තොරතුරු වාර්තා වූ අතර ඒ සම්බන්ධයෙන් අමාත්‍යවරු විවිධාකාර අදහස්ද පළ කළ අතර ඇතැමෙක් මෙවැනි සංශෝධනයක් සිදු නොවන බවත් සඳහන් කළා.

මේ අතර කැබිනට් මණ්ඩල සංශෝධනය අද (16) නොව හෙට (17) සිදුවනු ඇති බවට තොරතුරු ද වාර්තා වුණා.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 17 August 2021 09:06

Related items