May 05, 2024

ඒකාබද්ධ විපක්ෂයක්: රහසිගත වැඩපිළිවෙලක්

පොදුජන පෙරමුණ ආණ්ඩුවට විරුද්ධව ඒකාබද්ධ විපක්ෂයක් රහසිගතව ක්‍රියාත්මක වන බවට තොරතුරු හෙළිදරව් වනවා.

මේ වන විටත් මෙම ඒකාබද්ධ විපක්ෂය ඉතා සක්‍රීයව ක්‍රියාත්මක වන අතර එහි සාකච්ඡා නිරන්තරයෙන්ම පැවැත්වෙන බවයි වාර්තා වන්නේ.

පක්ෂ හා සිවිල් සංවිධාන රැසක සහභාගිත්වය

දැනගන්නට තිබෙන තොරතුරු වලට අනුව සමගි ජන බලවේගයට, ජනතා විමුක්ති පෙරමුණට, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සම්බන්ධ පිරිස් පක්ෂ වශයෙන් නොව තනි පුද්ගල පිරිස් හා කණ්ඩායම් වශයෙන්ද පොදු ජන පෙරමුණ ආණ්ඩුවට සම්බන්ධ සන්ධානගත පක්ෂ දෙකක නායකයින් මෙන්ම සිවිල් සමාජ සංවිධාන කිහිපයක නියෝජිතයින් මෙම .සාකච්ඡා වලට සහභාගි වී තිබෙන බවයි හෙළිදරව් වන්නේ.

ආණ්ඩුවෙනුත් නියෝජනයක්

විශේෂයෙන්ම පොදුජන පෙරමුණේ සන්ධානගත පක්ෂ දෙකේ නායකයින් දෙපළ මෙම සාකච්ඡාවට සහභාගි වීමේ තොරතුරු රාජපක්ෂවරු වෙත ලැබී තිබෙන අතර එය පදනම් කොටගෙන එම දෙපලට මේ වන විටත් සුදුසු ප්‍රතිචාර දක්වමින් සිටින බවයි දැනගන්නට තිබෙන්නේ.

එක්සත් ජාතික පක්ෂයේ සහයෝගයද මෙම  ඒකාබද්ධ විපක්ෂයට ලබා ගැනීම පිළිබඳවත් අවධානය යොමු කර තිබෙන අතර ඉදිරි මාස කිහිපය තුළ එ.ජා.ප යේ සහයෝගයද ඊට ලැබෙනු ඇති බවයි වාර්තා වන්නේ.

අපේක්ෂකයාට වඩා වැඩ පිළිවෙළට ප්‍රමුඛත්වය

විශේෂයෙන්ම මෙම ඒකාබද්ධ විපක්ෂය මීළඟ ජනපතිවරණයේදී ඉදිරිපත් කළ යුතු අපේක්ෂකයාට වඩා පොදුජන පෙරමුණ පාර්ශවයෙන් ඉදිරිපත් වෙතැයි විශ්වාස කරන බැසිල් රාජපක්ෂ මහතාට එරෙහිව ගොඩනැගිය යුතු මතවාදය පිළිබඳව විශේෂයෙන්ම අවධානය යොමුකර ඒ සම්බන්ධයෙන් වන වැඩ පිළිවෙලක් සැකසීමේ කටයුතුවල නිරතව සිටින බවයි ඒකාබද්ධ විපක්ෂය සම්බන්ධ ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ.

Rate this item
(0 votes)
Last modified on Monday, 05 July 2021 12:26

Related items