May 05, 2024

මන්ත්‍රී දීමනා වැඩිකරන්න - කොරෝනා අස්සේ විපක්ෂය කතානායකගෙන් ඉල්ලයි

November 11, 2020

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා ගෙවිය යුතු දීමනා සංශෝධනය කරන ලෙස විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ දී කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට දැනුම් දී තිබේ.

අධිකරණයේ වැටුප් ප්‍රතිශෝධනවලට අනුකූලව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ දීමනාද ප්‍රතිශෝධනය කිරීමේ පිළිවෙතක් පවතින බව ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මෙහි දී පෙන්වා දී ඇත.

පාර්ලිමේන්තු සභාවාරයට පැමිණීම, නිවාස, දුරකතන, ප්‍රවාහන, කාර්යාල යන දීමනා ලෙස රුපියල් ලක්ෂ දෙකක පමණ මුදලක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට මාසිකව හිමි වෙයි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ දීමනා ප්‍රතිශෝධනය කිරීම සඳහා මෙම කාරක සභා රැස්වීමේ දී අවසන් තීරණයක් ගෙන නොමැත.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 11 November 2020 11:36

Related items