May 10, 2024

ඊලඟට ඇමැති ධූරවල වෙනසක්! ලොකු තනතුරුවලත් ලොකු වෙනසක්

ඉදිරි කාලයේ අමාත්‍ය මණ්ඩලයේ කිහිප දෙනෙකුගේ විෂය මාරුවක්ද සිදුකරමින් අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් සිදුකිරීම නියමිත බව රජයේ ආරංචි මාර්ග පවසනවා.

ඒ අනුව මේවන විට ඊට අදාල අවශ්‍ය මූලික පියවර ගනිමින් සිටින බවයි වාර්තා වන්නේ. 

මේ අතර ප්‍රධාන පෙළේ රාජ්‍ය ආයතන ගණනාවකම ඉහළම තනතුරු වෙනස් කිරීමට ද රජය තීරණය කර ඇතැයි වාර්තා වනවා.

රාජ්‍ය ආයතන 10ත් 12ත් අතර සංඛ්‍යාවක සභාපති තනතුරු වෙනස් වීමට ඉඩ ඇති බවයි වාර්තා වන්නේ.

ඒවා අතර ප්‍රධාන පෙළේ රාජ්‍ය සමාගම් දෙකක්, රාජ්‍ය මූල්‍ය ආයතනයක්, සංස්ථා මණ්ඩල සහ අධිකාරීන් ගණනාවක ප්‍රධානීන් වන බව දැනගන්නට තිබෙනවා.

මේ අතර රාජ්‍ය මාධ්‍ය ආයතන ප්‍රධානීන් ගණනාවක් වෙනස් කිරීමටද තීන්දු කර තිබෙන බවයි වාර්තා වන්නේ.

ලේකම් මාරුවත් ලඟදීම

එසේම අමාත්‍යංශ කිහිපයක ලේකම් තනතුරුද වෙනස් වීමට නියමිතයි.

ඇමැතිවරයා සමඟ කටයුතු කළ නොහැකි බව කියමින් එක්තරා ජ්‍යෙෂ්ඨ ලේකම්වරයකු තමන් එම තනතුරින් නිදහස් කරන ලෙස රජයෙන් ඉල්ලා ඇතැයිද වාර්තා වෙයි.

පසුගිය වසරක පමණ කාලය තුළ එම ආයතනවල අකාර්යක්ෂම පාලනය සහ වංචා දූෂණ චෝදනා එල්ලවීම මෙම තනතුරු වෙනසට හේතුව බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරනවා.

රාජ්‍ය ආයතන ප්‍රධානීන්ගේ තනතුරු වෙනස් කිරීමේ ආරම්භක පියවර වශයෙන් කර්මාන්ත අමාත්‍යාංශ ලේකම් ධුරයට වරාය අධිකාරියේ සභාපති ධූරය දැරූ හිටපු හමුදාපති, මේජර් ජනරාල් දයා රත්නායක මහතා පත් කෙරිණි.

දයා රත්නායක මහතා ඉවත්වීමෙන් හිස් වූ වරාය සභාපති ධුරයට කපිතාන් නිහාල් කැප්පෙටිපොළ මහතා පත් කිරීමට රජය පියවර ගෙන තිබිණි.

මෙතෙක් කල් කර්මාන්ත අමාත්‍යාංශෙය් ලේකම් පදවිය දැරූ අනූෂ පැල්පිට මහතා සංවර්ධන ලා‌ෙතරුයි මණ්ඩලය‌ේ සභාපතිධූරයට පත් කෙරෙනු ඇතැයි වාර්තා වනවා.

Rate this item
(0 votes)
Last modified on Monday, 21 June 2021 11:20

Related items