May 10, 2024

වාහන ගෙන්වීම ගැන රජයෙන් තීරණයක්

වාහන ආනයනය පිළිබඳව අද (24) රැස් වූ කැබිනට් මණ්ඩලයේ දී සාකච්ඡාවට බඳුන් වී තිබෙනවා.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කැබිනට් අමාත්‍ය මණ්ඩල හමුව අද පැවැත්වුණේ Zoom තාක්ෂණය ඔස්සේ යි.

මේවන විට මෙරටට වාහන ගෙන්වීම අත්හිටුවා ඇති පසුබිමක සීමිත වාහන සංඛ්‍යාවක් හෝ ආනයනය කිරීමට අවසර ලබා දීම සම්බන්ධයෙන් මෙයට පෙර පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමක දී යෝජනා වී තිබුණා.

කෙසේ වෙතත් එලෙස වාහන සීමිත සංඛ්‍යාවක් හෝ ආනයනය කිරීම අත්හිටුවීමටයි කැබිනට් මණ්ඩලය අද (24) දින තීරණය කර ඇත්තේ. 

වර්තමාන කොවිඩ් 19 වසංගත තත්ත්වය හා රටේ පවතින ආර්ථික තත්ත්වය සැලකිල්ලට ගෙන මෙම තීරණය ගෙන ගත් බව සඳහන්.

Rate this item
(1 Vote)

Related items