April 29, 2024

19 වැනිදා කැඳවූ හදිසි සාකච්ඡාවෙන් පසු ආණ්ඩුවට වෙන දේ ගැන මහින්ද කියයි

විශේෂ සාකච්ඡාවක් සඳහා ආණ්ඩුව නියෝජනය කරන සියලු පක්ෂ නායකයින් ලබන 19 වැනිදා අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් අරලියගහ මන්දිරයට කැඳවා තිබේ.

මෙම විශේෂ සාකච්ඡාවට ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ ඇමැතිවරුන් ද සහභාගි වීමට නියමිතය.
 
පළාත් සභා මැතිවරණය, මැයි දිනය පැවැත්වීම ඇතුළු වත්මන් දේශපාලන කරුණු රැසක් සම්බන්ධව මෙහිදී සාකච්ඡා කෙරෙනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය. 

කෙසේ වෙතත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මේ පිළිබඳ අදහස් දක්වමින් සඳහන් කරන්නේ ආණ්ඩුවේ සියලු පක්ෂ සමග ලබන 19 වැනිදා පැවැත්වෙන සාකච්ඡාවෙන් ආණ්ඩුව තවත් ශක්තිමත් වන බවට තමාට දැඩි විශ්වාසයක් තිබෙන බවයි.

මෙම සාකච්ඡාවෙන් පසු ආණ්ඩුව තුළ විවිධ මත ගැටුම් ඇති විය හැකි බවට විපක්ෂය සැක කළද, එමඟින් ආණ්ඩුවේ පක්ෂ අතර සුහදතාවය වර්ධනය වන බවද අගමැතිවරයා පෙන්වා දෙයි.

ඉදිරියේදී පැවැත්වෙන මැයි දින සැමරුම සහ පළාත් සභා මැතිවරණය පිළිබඳ තීරණය කිරීමේ දී ආණ්ඩුවට සම්බන්ධ පක්ෂ වල සාමාජිකයින් සමඟ සාකච්ඡා කිරීම අනිවාර්ය බවද අගමැතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

හෙතෙම මේ බව සඳහන් කර ඇත්තේ ජාාතික පුවත්පතකට අදහස් දක්වමිනි.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 14 April 2021 10:33

Related items