April 29, 2024

අගමැති එන උත්සවය හදිසියේ කල් දමයි

February 08, 2021

කැස්බෑව ශ්‍රී විද්‍යාශාන්ති මහ පිරිවෙන් විහාරාධිපති හිමියන්ට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි පෙරේදා(06) රාත්‍රී ලැබුණු පීසීආර් පරීක්ෂණ වාර්තාවෙන් තහවුරු වී තිබේ.

කැස්බෑව ශ්‍රී විද්‍යාශාන්ති මහ පිරිවෙන් සීමාමාලකය විවෘත කිරීමේ උත්සවය අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානයත්වයෙන් (08) සවස 4.00ට පැවැත්වීමට නියමිතව තිබිණි.

විහාරාධිපති හිමියන්ට කොරෝනා වෛරසය වැළඳී ඇතැයි තහවුරු වීමෙන් පසු එම විවෘත කිරීමේ උත්සවය කල් දැමීමට තීරණය කර තිබේ.

මේවන විට විහාරාධිපති හිමියන් කොරෝනා ප්‍රතිකාර සඳහා යොමු කර ඇති බවත් විහාරස්ථානයේ අනෙක් භික්ෂූන් වහන්සේලා ස්වං නිරෝධායනයට ලක් කර ඇති බවත් සෞඛ්‍ය අංශ පැවසීය.

Rate this item
(0 votes)

Related items