April 29, 2024

විමල්ගේ 10 කල්ලිය නිසා ආණ්ඩුවේ බෙදීමක්! අගමැති මහින්ද වහාම ආණ්ඩු පක්ෂ නායකයින් හදිසියේ කැඳවයි

February 08, 2021

අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් ආණ්ඩු පක්ෂයේ පක්ෂ නායකයන්ගේ හදිසි රැස්වීමක් කැඳවා ඇත.

ඒ අනුව එම රැස්වීඹ හෙට(09) පස්වරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්වීම පැවැත්වීමට නියමිතය.

පක්ෂ නායක රැස්වීම් නොපැවැත්වීමද අවධාරණය කරමින් වරාය නැගෙනහිර ජැටිය ප්‍රශ්නයේදී දේශපාලන පක්ෂ 10ක් ඇමැති විමල් වීරවංශගේ නිවසේදී විශේෂ රැස්වීමක් පැවැත්වූහ.

එම නිසා මෙම පක්ෂ නායක රැස්වීම කැඳවීමට අගමැතිවරයා තීරණය කර ඇතැයි වාර්තා වේ.

හෙට පෙරවරුවේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ගේ රැස්වීමද පැවැත්වීමට නියමිතය.

Rate this item
(1 Vote)

Related items