April 29, 2024

අගමැති සියලු ඇමැතිවරුන් හදිසියේම අරලියගහ මැදුරට කැඳවයි! ජනපතිගේ පැමිණීම ගැන ඇමැතිවරු විමසිල්ලෙන්

February 03, 2021

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් සියලුම කැබිනට් අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් කැදවා විශේෂ රැස්වීමක් පැවැත්වීමට කටයුතු කර තිබේ.

ඒ අනුව අද (03) දහවල් 11.00ට අරලිය ගහ මැදුරේදී මෙම විශේෂ රැස්වීමට පැවැත්වීමට නියමිතය. 

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාටද ආරාධනා කර ඇති බව දැනගන්නට ඇති අතර මෙම රැස්වීමට ජනාධිපතිවරයාගේ සහභාගී වීම සම්බන්ධයෙන් සියලු දෙනා විමසිල්ලෙන් පසුවන බව වාර්තා වේ.

අගමැතිවරයා මෙම රැස්වීම කැදවා තිබුණේ පසුගිය සෙනසුරාදා දිනයේදීය.

දැනට ආණ්ඩුව තුළ මතුව ඇති ගැටලු සම්බන්ධයෙන් සාකච්ජා කිරීම මෙම සාකච්ජාවේ අරමුණ වී ඇති බව දැනගන්නට තිබේ.

Rate this item
(0 votes)

Related items