May 10, 2024

"ජනතාව ඉස්සරහා විරයෙක් වෙන්න එපා" - කැබිනට් ඇමැති රාජ්‍ය ඇමැතිට බැනවදී

මේවනවිට ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් ආණ්ඩුවේ ඇතැම් කාරණා පිළිබඳ දැඩි කලකිරීමකින් පසුවන බව ප්‍රසිද්ධියේ සිදුකරන ප්‍රකාශ වලින් තහවුරු වෙයි.

වියත්මග සංවිධානයෙන් පාර්ලිමේන්තුවට පැමිණි මන්ත්‍රීවරුන් ශ්‍රී ලංකා පොදුජන පෙරමු‍ණු සන්ධානයේ හවුල්කාර පක්ෂද ආණ්ඩුවේ වැඩපිළිවෙල පිළිබඳ චෝදනා ස්වරයෙන් කතා කරන ආකාරයට දිගින් දිගටම පෙනී ගොස් ඇති සිද්ධියකි.

කෙසේ නමුත් ආණ්ඩුවේ පසුපෙල මන්ත්‍රීවරුන් ආණ්ඩුව රැකගැනීමේ වැඩපිළිවෙලක සිටින බව පවසමින් ආණ්ඩුව විවේචනය කරන ආණ්ඩුවේම මැති ඇමැතිවරුන්ට චෝදාන එල්ල කිරීමද දේශපාලන වේදිකාවේ දක්නට ලැබෙන අතර මේ හේතුවෙන් ආණ්ඩුව තුළ දැඩි අර්බුදයක් පවතින බවට ඉඟිපළ වී තිබේ.

මේ අතර රාජ්‍ය අමාත්‍යවරයෙකු වන ප්‍රියංකර ජයරත්න මහතාද ආණ්ඩුවේ ප්‍රබල කැබිනට් ඇමැතිවරයෙකු ගැන ප්‍රසිද්ධීයේ විවේචනය කරමින් සඳහන් කර ඇත්තේ ප්‍රශ්ණ තෙරුම් ගන්න බැරි කැබිනට් ඇමතිවරු ආණ්ඩුවේ සිටීම ගැන කනගාටුවන බවයි.

තමා නියෝජනය කරන ප්‍රදේශයේ ජනතාව නිරන්තරවෙන් පිඩා විදින වල් අලි ගැටළුව ගැන ප්‍රියංකර ජයරත්න රාජ්‍ය අමාත්‍යවරයා විසින් විෂය බාර ඇමතිවරයාට දැනුවත් කර තිබේ.

ඉන් පසු විෂය භාර ඇමැතිවරයා ප්‍රියංකර ජයරත්න රාජ්‍ය ඇමැතිවරයාට ලබා දී ඇත්තේ අපූරු පිළිතුරකි. ඒ "ජනතාව ඉස්සරහා විරයෙක් වෙන්න එපා" යැයි විෂය භාර ඇමැතිවරයා  ප්‍රකාශ කර තිබේ.

"ඇත්තටම මම කනගාටුවෙනවා ජනතාවගේ ප්‍රශ්ණ තෙරුම් ගන්න බැරි කැබිනට් ඇමතිවරු අපේ රජයේ සිටිම පිලිබදව. අපි ජනතාවගේ මනාපයෙන් පාර්ලිමේන්තුවට ගිහින් ඒ ජනතාවට සේවය කරන්නේ නැත්නම් ඒ මනාපයට දෙන වටිනාකම මොකක්ද. ආණමඩුව ආසනය තුළ වල් අලි මිනිස් ජීවිත වනසන එක ඉහල ගිහින්. ඒ බව විෂය බාර ඇමැතිට දැනුම් දිම කලාම ඔහු මට කියනවා ජනතාව ඉස්සරහා විරයෙක් වෙන්න එපා කියලා" යැයි රාජ්‍ය අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතා පෙන්වා දුන්නේය.

"මට හරිම කනගාටුවක් ඇති වුණා මේ තරම් බරපතල ගැටළුවක් තේරුම් ගන්න බැරි ඇමතිවරු අපේ කැබිනට් එක තුළ ඉන්න එක ගැන. අපි පත්වුනේ ජනතාව නිසා නම් ජනතාවගේ බදු මුදලින් අපිව රකිනවානම් ඇයි අපි ජනතාවට සේවය කරන්න බැරි. යැයි ඇමැතිවරයා ඉතා කණගාටුවෙන් ප්‍රකාශ කර තිබේ.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසූවේ ලක්ෂ 350 ක වියදමින් මහකුඹුක්කඩවල කිවුල තරුණ ව්‍යාපාරයේ 16 වැව් වාන හරහා ඉදිවුන පාලම විවෘත කිරිමේ උත්සවයට එක්වෙමිනි.

Rate this item
(1 Vote)
Last modified on Monday, 29 March 2021 13:50

Related items