May 17, 2024

වැලිකඩ බන්ධනාගාරයේ 72කට කොරෝනා - මාතර බන්ධනාගාරටත් කොරෝනා යයි

November 08, 2020

වැලිකඩ බන්ධනාගාරයේ 72 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව කොවිඩ් 19 පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කරයි.

මෙලෙස වෛරසය ආසාදනය වූ පුද්ගලයින් අතර 63 දෙනෙකු කාන්තා රැඳවියන් වන අතර 08 දෙනෙකු පිරිමි රැඳවියන් වන බව වාර්තා වේ .

බන්ධනාගාර නිලධාරියෙක්ටද වෛරසය ආසාදනය වී ඇත.

වෛරසය ආසාදනය වූ රැඳවියන් වැලිකන්ද රෝහලට ප්‍රතිකාර සඳහා යොමු කොට ඇත.

මේ අතර මාතර බන්ධනාගාරයෙන් ද කොරෝනා වෛරසය ආසාදිතයෙකු හඳුනාගෙන තිබේ.

වැලිකඩ බන්ධනාගාරයේ සිට ඉකුත් 01 වනදා මාතර බන්ධනාගාරයට මාරු කෙරුණු කාන්තා රැඳවියෙකුට මෙලෙස වෛරසය ආසාදනය වී ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසීය.

වැලිකඩ කාන්තා බන්ධනාගාරයේ සිට ඉකුත් දිනවල මාතර බන්ධනාගාරයට මාරු කෙරුණු කාන්තා රැඳවියන් 07 දෙනෙකු PCR පරික්ෂණ සදහා යොමු කර තිබූ අතර ඉන් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත්තේ එක් රැඳවියෙකුට පමණක් බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

මාතර බන්ධනාගාරයේ කාන්තා රැදවියන් 25 දෙනෙකු සහ රැඳවියන් 500 දෙනෙකු පමණ රදවා සිටින අතර නිලධාරීන් 170 ක් පමණ ද මාතර බන්ධනාගාරයට අනියුක්තව රාජකාරී සිදුකරයි.

ඒ අනුව මේ වනවිට බන්ධනාගාර ආශි‍්‍රතව වාර්තා වූ කොරෝනා වෛරසය ආසාදනය වූවන් ගණන 40 දෙනෙකු  දක්වා ඉහළ ගොස් තිබේ.

වැලිකඩ බන්ධනාගාරය, කාන්තා බන්ධනාගාරය, වැලිකඩ බන්ධනාගාර රෝහල, කොළඹ රිමාන්ඞ් බන්ධනාගාර සහ පැරණි බෝගම්බර බන්ධනාගාරයෙන් එම ආසාදිතයින් පිරිස හඳුනා ගෙන තිබේ.

Rate this item
(0 votes)
Last modified on Sunday, 08 November 2020 19:17

Related items