May 02, 2024

අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේදී ගහලා තියෙන්නේ රාජපක්ෂ කෙනෙකුට

අඟුණකොළපැලැස්ස බන්ධනාගාර නිලධාරීන්ගෙන් පහර කෑමට හා වධහිංසාවන්ට ලක් වූ දෙදෙනාගෙන් එක් අයෙක් ජනාධිපති නීතිඥ විජේදාස රාජපක්ෂ මහතාගේ ළඟම ඥාතියෙකු බවයි වාර්තා වන්නේ.

ඒ මෙසේ බන්ධනාගාර නිලධාරීන්ගෙන් පහරකෑම හා වධහිංසා පැමිණ වීම හේතුවෙන් මේ වන විට කරාපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන දුලන්ත රාජපක්ෂ මහතායි.

තත්ත්වය බරපතළයි

ඔහුගේ තත්ත්වය ඉතා අසාධ්‍ය බවයි වාර්තා වන්නේ.

බීමතින් සිටි අගුනුකොලපැලැස්ස බන්ධනාගාර නිලධාරීන් පිරිසක් අවන්හලකින් මුදල් ලබා නොදී බලහත්කාරයෙන් මත්පැන් ඉල්ලීමක් මුල්කොටගෙන ඇතිවූ ගැටුමක් දුරදිග යාමයි මෙම සිද්ධියට මුල් වී තිබෙන්නේ.

සිද්ධිය ඇතිවී තිබෙන්නේ ඉකුත් 8 වෙනිදා අළුයම් කාලයේදි වන අතර එම අවන්හලේ හිමිකරු වන්නේ බන්ධනාගාර නිලධාරීන්ගෙන් පහරකෑමට හා වධහිංසාවට ලක්වූ අනිත් පුද්ගලයා වන අමිල කුමාරසිංහයි.

ඔහු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු බවත් වාර්තා වනවා.

ඔහු ද මේ වන විට සිටින්නේ රෝහල්ගතව ප්‍රතිකාර ලබමින්.

සිද්ධිය ගැන පරීක්ෂණ

මේ වන විට පහරදීම සම්බන්ධයෙන් අගුණකොලපැලැස්ස බන්ධනාගාර නිලධාරීන් 5 දෙනකුගේ වැඩ තහනම් කර පරීක්ෂණයක් පැවැත්වෙනවා.

පහරකෑමට ලක්වූ පුද්ගලයින් දෙදෙනාව එළැඹෙන 22 දක්වා බන්ධනාගාර ගත කර තිබුණද සිද්ධියෙන් පසු මේ වන විට ඔවුන් දෙදෙනාම වහාම ඇප මත මුදා හරින ලෙස ඔවුන් දෙදෙනාව රක්ෂිත බන්ධනාගාරගත කළ අඟුණුකොළපැලැස්ස මහේස්ත්‍රාත් දර්ශිකා ප්‍රේමරත්න නියෝග කර තිබෙනවා.

රංජන් රාමනායක මහතාද මේ වන විට සිය සිර දඬුවම විදිමින් සිටින්නේ මෙම බන්ධනාගාරයේ.

Rate this item
(1 Vote)
Last modified on Saturday, 16 October 2021 11:05

Related items