May 02, 2024

සිර මැදිරි නීති වෙනස් වෙයි

පොලිස් සහ බන්ධනාගාර සිරමැදිරි සඳහා නීති රීති ඇතුළත් පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සූදානම්වන බව වාර්තා වෙනවා.

ඒ අධිකරණ අමාත්‍ය නීතිඥ අලි සබ්රි මහතා විසින්.

සිරමැදිරි නීති නිසි ප්‍රමිතියට පවත්වාගෙන යෑමට අදාළව මෙම නීති රීති ගෙන ඒමට නියමිත අතර එම කෙටුම්පත ළඟදීම ඉදිරිපත් කරන බව ඔහු පවසනවා.

මේ අනුව මහේස්ත්‍රාත්වරුන්ට එම ප්‍රදේශයන්හි සිර මැදිරි නිරන්තරව පරික්ෂා කිරීමට හැකි වන බව ද අධිකරණ අමාත්‍යවරයා ප්‍රකාශ කරනවා.

එමෙන්ම කෲර වද හිංසා වැළැක්වීමට අදාළ නීතිරීති ද මෙයට ඇතුළත්.

මේ අතර මෙම වසංගත සමයේ ජනතාවට සහන සැලසීමට අදාළව ද පනත් කෙටුම්පතක් මීළඟ පාර්ලිමේන්තු රැස්වීමට ඉදිරිපත් කර සම්මත කර ගැනීමට ද අධිකරණ අමාත්‍යාංශය කටයුතු යොදා ඇති බව වාර්තා වෙනවා.

Rate this item
(0 votes)

Related items