May 02, 2024

එල්ලුම් ගහ බලන්න බන්ධනාගාරයට ගිය රූ රැජිනගේ නම නීතිඥයා එලියට දායි

September 17, 2021

බීමතින් ලොහාන් රත්වත්තේ රාජ්‍ය අමාත්‍යවරයා සමඟ වැලිකඩ හිරගෙදර එල්ලුම් ගහ බලන්න ගිය මතභේදයට ලක් වූ රූප රාජිනිය කවුරුන්දැයි මේ දිනවල බොහෝ දෙනාට ප්‍රශ්නයක්ව තිබෙනවා.

ඒ එම රූප රාජිනිය විවාහක රූ රැජින තරගයෙන් ජයගත් පුෂ්පිකා ද සිල්වා බවට යන රාවය නිසා.

ප්‍රතික්ෂේප කිරීම

එහෙත් ඒ බව ප්‍රතික්ෂේප කරමින් පුෂ්පිකා ද සිල්වා මේ වන විට මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇති අතර එක්තරා පෞද්ගලික රූපවාහිනී ආයතනයට විරුද්ධව නඩු පැවරීමටද සූදානමින් සිටින්නේ.

එහෙත් ලොහාන් රත්වත්තේ මහතා සමග බන්ධනාගාරය ඇතුළට ගිය රූප රාජිනිය කවුරුන්දැයි යන්න සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ සභාපති නීතිඥ සේනක පෙරේරා මාධ්‍ය හමුවක් තබමින් හෙළිදරව් කර තිබෙනවා.

කමිටු සභාපතිගේ හෙලිදරව්ව

ඒ පසුගිය දින වල රූ රැජින තරගයක ඔටුන්න දිනාගන්න සටනක නියැළුණු "පුෂ්පිකා" නැමැති තැනැත්තිය බවයි ඔහු හෙළිදරව් කරන්නේ.

ලොහාන් රත්වත්තේ මහතා පැමිණි වාහනේ රියැදුරු හැටියටද කටයුතු කර තිබෙන්නේ අදාල රූ රැජන බවටයි තොරතුරු වාර්තා වන්නේ.

එමෙන්ම "අයියට ගහ පෙන්නන්න කියලා වෙච්ච වැඩක්" මැයෙන් වූ පෝස්ටුද මේ දිනවල මුහුණුපොතේ සුලභව දක්නට ලැබෙනවා.

එම පෝස්ටු වලද තිබෙන්නේ නීතිඥ සේනක පෙරේරා මහතා කියන තැනැත්තියගේ ඡායාරූපයි.

Rate this item
(2 votes)
Last modified on Friday, 17 September 2021 01:21