April 29, 2024

සෞ‍ඛ්‍ය උපදෙස් පිළිපදිමින් කොවිඩ් මැඩලීමට සහාය දෙන්න

මෙරට පවත්නා කොවිඩ් වසංගත තත්වය මැඩලීමට ජනතා සහය ලබාදෙන ලෙස කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ සඳහන් කරනවා.

වැඩි දුරටත් අදහස් දක්වන්න අගරදගුරු හිමියන් සඳහන් කරන්නේ ජනතාව සෞඛ්‍ය අංශ ලබාදෙන නිසි උපදෙස් පිළිපදිමින් කටයුතු කරන ලෙසයි.

“කොවිඩ් උවඳුර ආරම්භ වුණ වෙලාවේ දී ඒ සඳහා විශාල කැපකිරීමකින් සේවය කරපු සෞඛ්‍ය කේෂ්ත්‍රයේ අපේ නිලධාරී මහත්ම මහත්මීන්, ආරක්ෂක අංශවල නිලධාරීන්ටත් සියලුදෙනාටම අපි ඒ විදියට ස්තූතිවන්ත වෙමින්, ඒ අය අපිට දැන් නැවත වරක් දෙන අවවාද අනුශාසනා අකුරටම පිළිපඳින්නට අපි කටයුතු කළ යුතුයි. ඒ නිසා මීටරයක දුරස්ථභාවය පවත්වා ගැනීම, ජන සමාජයේ ජීවත් වෙනකොට අනිත් අය ඇසුරු කරන කොට මුව ආවරණයක් පැළඳිම, ප්‍රසිද්ධ ස්ථානවලට යනවිට අත සෝදාගෙන යෑම ඒ සියලු දෙයක්ම අපි ඉතාමත් විශ්වාසවන්ත ලෙස ඉටුකළ යුතුයි අපේ රට වෙනුවෙන්. ඒ නිසා අපේ රට වෙනුවෙන් ලෝකය වෙනුවෙන් මිනිස් වර්ගයා වෙනුවෙන් ලොකු උනන්දුවකින් ඉෂ්ට කිරීමට කැපවෙමු.

Rate this item
(1 Vote)