April 29, 2024

දේවමෙහෙයයන් පැවැත්වීම අත්හිටුවන්න - අගරදගුරුතුමන් දන්වයි

දිවයිනේ සියලුම කතෝලික දේවස්ථාන වල දේව මෙහෙයයන් පැවැත්වීම මාර්තු මස 31 වැනිදා දක්වා අත්හිටුවන ලෙස අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ දන්වා සිටිති.

කොරෝනා වයිරසය පැතිරීම පාලනය කිරීම සඳහා රජය විසින් ගනු ලබන ක්‍රියාමාර්ගයන්ට සහයෝගය දීම සඳහා උන්වහන්සේ මෙම දැන්වීම කරති.

ඒ අනුව දිවයිනේ සියලුම කතෝලික දේවස්ථාන වල ඉරිදා දේව මෙහෙය සහ අනිකුත් දේව මෙහෙයයන් මාර්තු මස 31 වැනිදා දක්වා නොපැවැත්වේ.

Rate this item
(0 votes)
Last modified on Saturday, 14 March 2020 21:37