20 වැනි සංශෝධනය සම්මත කර ඒ හරහා 19 වැනි සංශෝධනය අහෝසි කිරීමට ජනතාව විසින් ආණ්ඩුවට තුනෙන් දෙකක බහුතර ජනවරමක් ලැබී ඇති බව මහින්දානන්ද අළුත්ගමගේ මහතා පවසයි.
ඒ නිසා ලැබුණු ජනවරමට පිටුපෑමට ආණ්ඩුවට නොහැකි බවත්, ජනවරම අනුව කටයුතු කරන බවත් අලුත්ගමගේ මහතා පවසයි.
19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙන ආවේ එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා ශක්තිමත් කිරීමට බවත්, එසේම රාජපක්ෂලා දේශපාලනයෙන් ඈත් කිරීම සඳහා පැවති ආණ්ඩුව 19 වැනි සංශෝධනය හරහා කටයුතු කළ බවත් ඇමතිවරයා පවසයි.
එසේ ඈත් කර තැබීමට පැවති ආණ්ඩුව උත්සාහ කළද රටේ බහුතර ජනතාව විසින් රාජපක්ෂලා පිළිබඳව තවදුරටත් විශ්වාසය තබා ඇති බවත්, රාජපක්ෂලා රටට එරෙහිව කටයුතු නොකරන බවත් ඔහු පෙන්වා දෙයි.