April 27, 2024

මහින්දානන්ද පච වෙයි: අමරවීර රජ වෙයි - ලක්ෂ 300 බොරුව අතේ පත්තු වෙයි

ආණ්ඩුව නියෝජනය කරන මහින්දානන්ද අලූත්ගමගේ ඇමතිවරයා මතභේදාත්මක ප්‍රකාශ කරන්නෙක්.

එම ප්‍රකාශවල විශ්වාසනීයත්වය පිළිබඳව බොහෝ අවස්ථාවල ප්‍රශ්න ඇති වුණා.

ඇමති ගැටුම

ආණ්ඩුවේම තවත් ඇමතිවරයෙකු යටතේ තිබෙන ආයතනයක් සම්බන්ධයෙන් ඔහු එසේ කළ චෝදනාවක් සම්පූර්ණයෙන්ම බොරුවක් බව මේ වන විට ඔප්පු වී තිබෙනවා.

මහින්දානන්ද අලුත්ගමගේ මහතා මහින්ද අමරවීර ඇමතිවරයා සමග පසුගිය දින කීපය පුරා ප්‍රසිද්ධියේම ගැටුමක් ඇති කර ගත්තා.

ඒ නාවලපිටියේ අක්කර 25 ක භූමියක් තුළ කිරි ගොවි පොළක් ආරම්භ කිරීමට සූදානම් වූ ආයෝජකයෙක්ගෙන් ගොඩනැගිලි හැදීමට අනුමැතිය දීම සඳහා ශක්‍යතා වාර්තාවක් හැදීමට රු. ලක්ෂ 300 ක පගාවක් මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරීන් ඉල්ලූ බවට අලූත්ගමගේ ඇමතිවරයා කළ චෝදනාවක් මුල් කොටගෙන.

සමාගමේ නිලධාරීන් කැඳවීම

මධ්‍යම පරිසර අධිකාරිය තිබෙන්නේ අමරවීර මහතා යටතේ.

මේ සිද්ධිය මුල් කොටගෙන දෙදෙනා පාර්ලිමේන්තුවේදීද ගැටුණා.

අමරවීර මහතා අදාළ සමාගමේ නිලධාරීන් කැඳවා මේ සම්බන්ධයෙන් විමසීමක් කළා.

කතාව බොරු

පරිසර අමාත්‍යාංශයේ හෝ මධ්‍යම පරිසර අධිකාරියේ කිසිදු නිලධාරියෙක් තමන්ගෙන් සතයක්වත් ඉල්ලුවේ නැති බව එහිදී එම සමාගමේ නිලධාරීන් පිළිගත්තා.

සමාගමේ නිලධාරීන් ඒ බැව් පිළිගත්තේ ඇමතිවරයා හා මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරීන් ඉදිරියේ.

එම සමාගමේ නිලධාරීන් අමරවීර ඇමැතිවරයා ඉදිරියේ සඳහන් කළේ රු. ලක්ෂ 300 මෙම ව්‍යාපෘතිය සඳහා කියන්න වියදමක් ලෙස තමන් සඳහන් කළ බවයි.

Rate this item
(4 votes)
Last modified on Sunday, 27 March 2022 12:28

Related items