April 27, 2024

මහින්දානන්දගේ වෙල් බැහිල්ල රඟපෑමක්: හරි තැනකට බැස්සනම් සරමත් නැහැ Featured

කෘෂිකර්ම ඇමැතිවරයා වූනාට මහින්දානන්ද අලුත්ගමගේ මහතා වෙලේ නියරේ යන්න දන්නේ නැති මනුස්සයෙක් හැටියටයි හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා හඳුන්වා දුන්නේ.

ඒ අභියෝගයට මහින්දානන්ද අලුත්ගමගේ ඇමතිවරයා පිළිතුර දුන්නේ සරම පිටින් වෙළකට බැහැලා.

ජාතික සංවිධායකගේ මතය

අළුත්ගමගේ ඇමතිවරයා  හිටිහැටියේම කළ මේ වෙල් බැහිල්ල ගැන දැන් එක එක කතා දේශපාලඥයන් කියනවා.

ඇමතිවරයාගේ මේ වෙල් බැහිල්ල ගැන සමගි ජන බලවේග ජාතික සංවිධායකවරයා ඒෂියන් මිරර් සමඟ සිය මතය පැහැදිලි කළා.

අත්තනායක මහතා සඳහන් කරන්නේ අළුත්ගමගේ ඇමතිවරයාගේ වෙල් බැහිල්ල කලින් ලියන ලද තිරනාටකයකට අනුව කළ චිත්‍රපටයක් බවයි.

එසේ නොකොට වෙලකට බැස්සානම් සරමත් නැතුව එන්න වෙන බවයි ඔහු පෙන්වා දෙන්නේ.

සූදානම් කළ පිරිස

කලින් සූදානම් කර තිබූ ගොවියන් යයි කියා ගන්නා පිරිසක් ගාවට ඇමතිවරයා ගොස් මේ ගමන අස්වැන්න කෙසේදැයි ඇසූ බවයි අත්තනායක මහතාගේ අදහස වන්නේ.

ඊට ගොවියන් යැයි කියා ගන්නා පිරිස "මේ ගමන අස්වෙන්න හොඳයි සර්" යනුවෙන් ඔවුනට ඉගැන්වූ විදියටම පිළිතුරු දුන් බව ඔහු අවධාරණය කරනවා.

එ නිසා අළුත්ගමගේ ඇමතිවරයාගේ මෙම චිත්‍රපටය දුර්වල තිරනාටකයක් මත නිපදවූ එකක් බවයි අත්තනායක මහතා පෙන්වා දෙන්නේ.

ඉහළ උපදෙස් මත කාබනික ගොවිතැන කිරීමට ගොස් තමාගේ වසර 35 ක් පුරා ගොඩ නගා ගත් දේශපාලන ප්‍රතිරූපය සම්පූර්ණයෙන්ම විනාශ වූ බව වෙලට බැස්ස අලූත්ගමගේ ඇමතිවරයා කෘෂිකර්ම අමාත්‍යංශයේ පැවති රැස්වීමක දී පවා කියා තිබුණා.

Rate this item
(1 Vote)
Last modified on Monday, 31 January 2022 08:56

Related items