April 29, 2024
Main

Main (651)

පසුගිය අප්‍රේල් 21 වන දා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය හා ඒ හා බැඳුණු ක්‍රියාවලිය පිළිබඳ කරුණු විමර්ශනයට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කිරීමේ යෝජනාව අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ.
 
ඒ අනුව අදාළ යෝජනාව සම්මත කර ගැනීමෙන් අනතුරුව හෙට දිනයේ කමිටුව සඳහා සාමාජිකයින් පත් කිරීමට නියමිත ය.
 
අප පාර්ලිමේන්තු වාර්තාකරු පැවසුවේ අදාළ කමිටුව සඳහා සාමාජිකයින් 15 දෙනෙකු පත් කිරීමට නියමිත බව ය.
 
කමිටුවේ සභාපතිවරයා ලෙස පත් කිරීමට යෝජනා කර තිබෙන්නේ නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතා යි.

තිස් වසරක කුරිරු යුද්ධය නිමාකොට වසර දහයක් ගතව තිබියදී රණවිරුවන්ට චෝදනා ඉදිරිපත් කරමින් ඔවුන්ගේ වීරත්වය හෙළා දැකීම බෙහෙවින්ම කණගාටුදායක යැයි විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පැවසුවේය.

පාස්කු ඉරු දින ප්‍රහාරයත් සමඟ වසර දහයකට පසු රණවිරුවන්ගේ වටිනාකම මේ වන විට යළි අවබෝධ වී ඇතැයි මහනුවර මයිලපිටිය, ජාතික රණවිරු ස්මාරකය අභියස දී දිලුම් අමුණුගම පදනමේ සංවිධානත්වයෙන් පැවැති විජයග්‍රහණයේ දසවන සැමරුම් උත්සවයට ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගි වෙමින් මහින්ද රාජපක්ෂ මහතා ඒ බව ප්‍රකාශ කළේය.

යුද්ධයෙන් මරණයට පත්, අතුරුදහන්, තුවාල හා ආබාධිත තත්ත්වයට පත් රණවිරු පවුල්වල ඥාතීන් ගේ සහභාගීත්වයෙන් පැවති මෙම උත්සවයේ දී මියගිය හා අතුරුදහන් වූ රණවිරුවන් සඳහා පුෂ්පෝපහාර පිදීම විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු සම්භාවනීය ආරාධිතයන් ගේ සහභාගීත්වයෙන් සිදු කෙරිණ.

රණවිරුවන් සිය ජීවිතය පුද කළේ ඔවුන් වෙනුවෙන් නොව රට, ජාතිය වෙනුවෙන් වන අතර තමන් උපත ලැබූ භූමිය රැක ගැනීමට ඔවුන් කටයුතු කළ බව රාජපක්ෂ මහතා කියාසිටියේය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ත්‍රස්තවාදය පරාජය කරනවා කිව්වට වැඩක් නැති බවත් ජනාධිපතිවරයා කියනදේ නොකරන ජනාධිපතිවරයෙක් බවත් ජාතික හිමිකම් සංවිධානයේ සභාපති පූජ්‍ය බෙංගමුවේ නාලක ස්වාමීන්වහන්සේ සදහන් කරයි.

ජාතික හිමිකම් සංවිධානය විසින් කැළණිය විහාරස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් උන්වහන්සේ මේ බව සදහන් කළහ.

එමෙන්ම අග්‍රාමාත්‍යතුමන් සදහන් කරන ආකාරයට මෙම ත්‍රස්ථවාදීන්හට දඩුවම් ලබා දීමට ප්‍රති ත්‍රස්ත පනතක් ගෙන ඒමට අවශ්‍ය නොවන බවත් මේ වන විට තිබෙන ත්‍රස්ත පනත දඩුවම් ලබාදීමට හොදටම ප්‍රමාණවත් බව ද උන්වහන්සේ සදහන් කළහ.

එම මාධ්‍ය හමුවේදී තවදුරටත් අදහස් දැක්වූ ස්වාමීන්වහන්සේ

"රිෂාඩ් බදුර්දීන් හිස්බුල්ලා අසාද්සාලි රහුමාන් යන අමාත්‍යවරුන් සහ ආණ්ඩුකාරවරුන් බරපතල ලෙස අන්තවාදී ත්‍රස්තවාදයට උපදෙස්දෙන හා නායකත්වය දෙන හෝ සහයෝගය දක්වන පිරිසක් බව දැන් රටම පිලින්නවා. ඒ අයට විරුද්ධව කිසි දෙයක් කරනනේ නැහැ. මේ වෙලාවේ රිෂාඩ් බදුර්දීන්ට එරහිව විශ්වාසභංග යෝජනාවක් ‍ගෙනවිත් තිබෙනවා. බැරිවෙලාවත් එම විශ්වාසභංග යෝජනාව බදුර්දීන් ජයග්‍රහණය කලහොත් බදුර්දීන් තවත් උඩට යනවාඑහෙම නොවෙයි මේ අය ගැන වෙනම පරීක්ෂනයක් පවත්වනන්න ඕන. පවත්වල ඒ අයට විරුද්ධව නීතිමය කටයුතු කරන්න ඕනජනාධිපති අසාද්සාලිටයි හිස්බුල්ලාටයි ආණ්ඩුකාරකම් ලබාදීම බරපතල වරදක්. මේ දෙන්නම අන්තවාදයට එදා ඉදලම සහය දක්වනවා . ඒවගේ අන්තවාදීන්ට ආණ්ඩුකාරකම් ලාබදුන්හම මොනවද වෙන්නෙඒ නිසා ජනාධිපති මම බය නැහැ කියලා කයිවාරු ගැහුවට වැඩක් නැහැ මේ වගේ පසුබිමක් හැදුවට මේ වගේ තත්වයකට රට ඇද දැමුවට ජනාධිපතිවරයා වගකියන්න ඕන."

පාස්කු ඉරිදා බෝම්බ  ප‍්‍රහාර එල්ල කිරීමේ සිද්ධියෙන් පසු යුද හමුදාව දෙහිවල ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගත් සැකකරුවකු සම්බන්ධයෙන් අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා තමාගෙන් අවස්ථා දෙකකදී කරුණු විමසා උදව්වක් ඉල්ලු බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා ඊයේ (16) කොළඹ පැවති ප‍්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.

රිෂාඞ් බදියුදීන් ඇමතිවරයා මගෙන්  ඉල්ලා සිටියේ උදව්වක් නමුත් කිසිවකුට එය  බලපෑමක් ලෙස අර්ථකතනය කළ හැකි බවද  එහිදී හමුදාපතිවරයා කීය.

එහිදී මාධ්‍යවේදීන් ඇසු ප‍්‍රශ්න හා ඊට යුද හමුදාපතිවරයා ලබා දුන් පිළිතුරු මෙසේය.

ප‍්‍රශ්නය - රිෂාඞ් බදියුදීන් ඇමැතිවරයා සැකකරුවකු නිදහස් කරන ලෙසට ඔබට බලපෑම් කළ බවක් එක්තරා පුවත් පතක සඳහන් වුණා. එහි සත්‍යතාවයක්  තිබේ ද?

පිළිතුර - ඇමැතිවරයා මට දුරකතනයෙන් කතා කළා. කිසියම් පුද්ගලයකුගේ නමක් කිව්වා. ඒ පුද්ගලයාගේ සම්බන්ධතා ගැනත් කිව්වා. මට කුමක් කළ හැකිදැයි මගෙන් ඇහැව්වා.

ප‍්‍රශ්නය - සැකකරු නිදහස් කරන ලෙසට ඔබට බලපෑම් කළාද?

පිළිතුර -  මුල් දුරකතන ඇමතුමේ දී මම කිව්වා හොයලා බලන්නම් කියලා. දෙවන දුරකතන ඇමැතුම දෙන විටත් මට හොයලා බලන්න වෙලාවක් තිබුණේ නැහැ. තුන්වෙනි දුරකතන ඇමැතුමේ දී මම කිව්වා මට තව පැය එක හමාරකින් කතා කරන්න එතකොට මම උත්තරයක් දෙන්නම් කියලා.

ප‍්‍රශ්නය - ඇමැතිවරයා කිව්වේ කුමන සැකකරු ගැන ද?

පිළිතුර - මොහොමඩ් වගේ නම් ගොඩක් තිබ්බානේ මට හරියට මතක නැහැ. ඔයාට  ඕනේනම් මම පස්සේ නම හොයලා දෙන්නම්. හැබැයි මට එකක් මතකයි. දෙහිවලින් අත්අඩංගුවට ගත්ත සැකකරුවෙක් කියලා. මට තියන බලතල අනුව එවැනි සැකකරුවෙක් අවුරුදු එකහාමාරක්  තියාගන්න පුළුවන්.

එහිදී හමුදාපතිවරයා තවදුරටත් කියා සිටියේ  අප්‍රේල් 21 දින සිට හමුදාව මේ දක්වා විශේෂයෙන් කටයුතු කළ බවත්  13-14 යන දින දෙක තුළ සිදුවු සිද්ධීන් මාලව වෙනත් මගකට යොමු වීමක් බවයි.

රටේ උත්ගත ව තිබූ තත්ත්වය හමුවේ ආරක්ෂාව සඳහා යොදවා සිටි හමුදා සාමාජියන්ගෙන්  වැඩි පිරිසක්  13-14 දින තුළ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා සිදුවූ ප‍්‍රදේශ වෙත කැඳවීමට සිදු වූ බවත් මේ තත්ත්වය පාලනය කිරීම සඳහා එහිදී හමුදාව කටයුතු කළේ අවම බලයකින් බවත් හෙතෙම කියා සිටියේය.

ප‍්‍රචණ්ඩකි‍්‍රයා නැවැත්වීම සඳහා හමුදාව යෙදවූයේ අවම බලයෙන් බවත් එය පාලනය නොවුනේනම්  උපරිම බලයද  යෙදවීමට හමුදාවට බලය තිබෙන බවත් හමුදාපතිවරයා කීය.

හමුදාව හැම විටම උත්සහ ගන්නේ මේ තත්ත්වය අවම බලයක් යටතේ පාලන කිරීමට බවද හමුදාපතිවරයා  සඳහන් කළේය.

රට දැන් සාමාකාමී බවත් රටේ ජනතාවට  ත්‍රිවිධ හමුදාව කෙරෙහි   විශ්වාසය තබන ලෙසට  ඉල්ලීමක් කළ හමුදාපතිවරයා  යළිත් මේ ආකාරයේ  අන්තවාදී ප‍්‍රහාරයක්  සිදු නොවන අකාරයට  ත්‍රිවිධ හමුදාව හා පොලිසිය  අවශ්‍ය උපරිම ක්‍රියා මාර්ග ගෙන ඇති බවද හමුදාපතිවරයා වැඩි දුරටත් කියා සිටියේය.

 

කුලියාපිටිය, නාත්තන්ඩිය හා මිනුවන්ගොඩ යන ප්‍රදේශවල සිදුවූ සිද්ධි පිටුපස සිටින්නේ එකම කණ්ඩායමක් බව වැඩබලන ආරක්ෂක අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පවසයි.

මහනුවරදී අද(15) මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ වැල්ලම්පිටිය තඹ කර්මාන්ත ශාලාවේ ඇප ලබා සිටින සේවකයින් නව දෙනාට ඇප ලබාදීම සම්බන්ධයෙන් ගැටළුවක් ඇත්නම් ඔවුන්ව යළි අත්අඩංගුවට ගන්නා බවයි.

රටේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් මහ නා හිමිවරුන් දැනුවත් කිරීම සඳහා කථානායක කරූ ජයසූරිය , වැඩබලන ආරක්ෂක ආමත්‍ය රුවන් විජයවර්ධන හා මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න යන මහත්වරුන් ඊයේ මහනුරවට පැමිණි අතර ඔවුන් පළමුව අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන මහනාහිමියන් බැහැදැක උන්වහන්සේ දැනුවත් කළේය.

අනතුරුව ඔවුන් මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහා නා හිමි බැහැදැක වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් උන්වහන්සේව දැනුවත් කරනු ලැබීය.
   
ඉන්පසු පිරිස මල්වතු පාර්ශ්වයේ අනුනා හිමිවරුන් වන පූජ්‍ය නියංගොඩ විජිතසිරි හිමියන් හා පූජ්‍ය දිඹූල්කුඹුරේ ශ්‍රී විමලධම්ම හිමියන් බැහැදුටුවා. 

අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්විමින් කරූ  ජයසූරිය මහතා කියා සිටියේ,  පෙරේදා රාත්‍රීයේ සිදුවු ගැටුමට සැඟවුුණු හස්තයක් ඇති බවත්, වෙසක් උත්සවය කඩා කප්පල් කිරීමට ද සැඟවුණු හස්තයක් ඇති බවයි.

මෙම සැඟවුණු හස්තය ගැන දැන් අදහසක් ප්‍රකාශ කළ නොහැකි බවත් අනාගතයේ දී මේ පිළිබඳ දැන ගැනීමට හැකි බවත් කථානායකවරයා පැවසීය.

මෙහිදී අදහස් දක්වමින් රුවන් විජේවර්ධන මහතා කියා සිටියේ, සහරාන්ගේ කල්ලියෙන් සියයට 95 ක් 97 ක් අත්අඩංගුවට ඇති බවත්, ඉදිරියේ දී කිසිවෙකුටත් නිදහස් නොදී සියලු ත්‍රස්ථවාදීන් අත්අඩංගුවට ගන්නා බවයි. 

අනතුරුව හුරීකඩුව පොත්ගුල් විහාරය වෙත ගිය පිරිස රාමඤ්ඤ මහානිකායේ මහානායක අතිපූජ්‍ය නාපාන පේමසිරි නාහිමියන් බැහැදැක රටේ වත්මන් තත්ත්වය පිළිබඳව උන්වහන්සේ දැනුවත් කළේය.

රටේ පවතින වත්මන් ආරක්ෂක තත්ත්වය පිළිබඳව තමන් කිසිසේත්ම සෑහීමකට පත් නොවන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ‍ෆොන්සේකා මහතා පවසයි.

කැලණිය ප්‍රාද්ශීය මහලේකම් කාර්යාලයේදී ඊයේ (13) පැවති වැඩසටහනකදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ රටේ පවතින ත්‍රස්ත උවඳුර මැඬලීමට විදෙස් හමුදා මෙරටට ගෙන්වීම අනවශ්‍ය කරුණක් බවයි.

මෙවැනි විශාල බෝම්බ ප්‍රහාර එල්ල වී සුමාන දෙකකින් හෝ තුනකින් යථා තත්ත්වයට පැමිණෙයි කියා කවුරුන් හෝ සිතනවා නම් එසේ සිතන්නේ මනස විකෘති වු අය බව ද ෆොන්සේකා මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

මෙය විශාල සංවිධානයක් බවත් එය මැඩලීම සඳහා ක්‍රමානුකූලව වැඩ කරන්නේ නම් වසර 2ක පමණ ඉලක්කයක් යැයි තමා විශ්වාස කරන බවද සඳහන් කළ ෆොන්සේකා මහතා, පසුගිය යුද්ධය ද අවසන් කිරීමට වසර 2 යි මාස 9ක් ගතවු බව සඳහන් කළේය.

විදේශ හමුදා මෙරටට පැමිණ ප්‍රයෝජනයක් නොමැති බවත් ,ISIS ප්‍රශ්නයේ දී ලෝකයේ ඕනෑම රටකින් ගත හැකි වුවත් අපේ තියෙන වෙඩි බලය හොඳටම ප්‍රමාණවත් බවත් පැවසු ෆොන්සේකා මහතා, එය නිසි ලෙස ප්‍රයෝජනයට ගැනීමට මොළයක් අවශ්‍ය බවත් “සිංහ හමුදාවකට අණ දෙන්න ඔටුවෙක් දැමුවොත් ඒ හමුදාව යුද්ධයෙන් පරාදයි“ යනුවෙන් ද පැවසීය.

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව ආණ්ඩුව කෙරෙහි ජනතාව තිබූ විශ්වාසය නැතිවී ගිය බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.

ඉඩම් ඔප්පු බෙදාදීමේ උත්සවයකදී ජනතාව අමතමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

“මේ බෝම්බ පිපිරීම නිසා අත්තවශයෙන්ම රටේ දේශපාලන තත්ත්වයත් කැළැඹීමකට ලක්වුණා. ඒක අපි පිළිගන්න ඕන. ආණ්ඩුව කෙරෙහි තිබුණ විශ්වාසයත් නැතිවුණා. ආණ්ඩුවේ හිටියත් විපක්ෂයේ හිටියත් දේශපාලඥයෝ ගැන තිබෙන විශ්වාසයත් නැතිවුණා. නමුත් මේ යන්ත්‍රණය කෙරෙහි ජනතාවගේ විශ්වාසය යම් දුරකට රඳවා තබා ගන්න අපිට අවස්ථාව ලැබුණා. දෙමටගොඩට ගිහින් රාත්‍රී 9.00 වෙන්න ඉස්සේල්ලා පළමු කණ්ඩායම අල්ලගත්තා. එදා ගත්ත ඒ පියවර නිසා දැන් වෙනකොට ඒ සියලු දෙනා අත්අඩංගුවට අරගෙන තිබෙනවා. අපි නම් කවුරුවත් ආරක්ෂා කරන්න යන්නේ නෑ. ඇමතිවරුවත් මන්ත්‍රීවරුවත් කවුරුවත්. මොකක් හරි තොරතුරක් තිබෙනවානම් පාර්ලිමේන්තුවේ විවාදයට ගිහින දෙන්න. ආරක්ෂා කරන්න කවුරුවත් නෑ. හංගන්න කවුරුවත් නෑ. දැනගන්න දේ අරගන්න අපි ලෑස්තියි ඒ අනුව ක්‍රියා කරන්න”

සිරගතව සිටින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් හැකි ඉක්මණින් නිදහස් කරගැනීමට කටයුතු බවත් සිංහලයන්ගේ නිහඩතාවය නිවටකමක් ලෙස නොසැලකිය යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

ඊයේ (09) පාර්ලිමේන්තුවේ පැවති විවාදයට සහභාගීවෙමින් මන්ත්‍රීවරයා මේබව පැවසු අතර මෙසේද කීවේය.

“ෂරියා විශ්ව විද්‍යාලය රජයට පවරාගෙන උතුරු නැගෙනහිර ආරක්ෂක විශ්ව විද්‍යාලය බවට එය පත්කළ යුතුයි. එතකොට විශ්වාසයක් එනවා. උතුරු නැගෙනහිර තමයි අන්තවාදී මත ප්‍රකාශ කෙරුණේ. ජනතාවගේ විශ්වාසය දිනාගන්න එවැනි දේ කළ යුතුයි.

විශ්වාසය අංක එක විය යුතුයි. සිංහල බෞද්ධයින්ගේ ඉවසීම නිවටකමක් කියා නොසිතිය යුතුයි. විශ්වාසය දිනාගන්න වැඩකළ යුතුයි. තව සුළු කරුණකින් සමස්ත අපේ එකමුතු කම නැතිවෙන්න එපා. ඒනිසා මේ අවස්ථාව සුළු කොට සලකන්න එපා. ජනතාවගේ විශ්වාස නැතිවුණේ ඇයි කියලා හැමෝම හොයලා බලන්න ඔන.

රටේ සිංහල බෞද්ධ ජනතාව බොහොම කනස්සල්ලෙන් ඉන්නේ . මේ නිහඩතාවය සුළු කොට සලකන්න එපා. අපි විශ්වාසයෙන් යුතුව වෙසක් සමරන්න ඔන. සමාන්‍ය තත්වයෙන් රට පවත්වාගෙන යන්න රජයක් කටයුතු කරන්න අවශ්‍යයි. ඒ සඳහා අපි පක්ෂ බේදයකින් තොරව එක නීතියක් ක්‍රියාත්මක කරන රටක් බවට පත්කිරමට අපි සහය දියයුතියි.

ඒ වගේම රාජ සන්තක කළ මුදල්වලින් කොටසක් විනාශයට පත්වුවන්ට ලබාදෙන්න කියලා යෝජනා කරනාවා. පවුල්වලට පල්ලිවලට ඒ මුදල් දෙන්න. ඒ වගේම ගලඩොඩඅත්තේ ඥාණසාර හිමි සිරබත්කෑම තුළ ජනතාව බොහොම කළකිරීමෙන් ඉන්නේ.උන්වසවහන්සේ පුළුවන් ඉක්මණට නිදහස් කළ යුතුයි.”

මාකඳුරේ මධූෂ් විසින් ඩුබායිහිදී සංවිධානය කළ සාදයක් අතුරතුළදී අත්අඩංගුවට ගත් රංගන ශිල්පී රයන් වෑන් රෝවන් රුපියල් 4000ක දඬයක් පැනවීමෙන් අනතුරුව මුදා හැරීමට මාතර මහේස්ත්‍රාත් අධිකරණය අද (9) නියෝග කළේය.

ඔහුට එරෙහිව ගංජා ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබුණි.

ඇමරිකාවේ සැප්තැම්බර් 11 ප්‍රහාරයට පෙර සහ ප්‍රහාරයෙන් පසු එක්සත් ජනපදය ක්‍රියාකල ආකාරයෙන් ශ්‍රී ලංකාවට ඉගැනීමට බොහෝ දේ ඇති බව ඇමරිකාවේ හිටපු සහකාර රාජ්‍ය ලේකම් සහ ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති රොබට්’ඕ බ්ලේක් මහතා පවසයි. එමෙන්ම රටේ ත්‍රස්ත ප්‍රහාර වළක්වා ගැනීම සඳහා ආණ්ඩුව විසින් ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම්ව සිටි සමයේදී ක්‍රියාකලාක් මෙන් ඉහළ මට්ටමේ තාක්ෂණික කණ්ඩායමක් ගොඩනගාගත යුතුව තිබෙන බව ද ඔහු අවධාරණය කළේය.

දැනට ඉන්දියාව සහ දකුණු ආසියාව සඳහා වූ මැක්ලර්ටි ඇසෝසියේට්ස් හි ජ්යෙෂ්ඨ අධ්‍යක්ෂවරයකු ලෙස කටයුතු කරන හිටපු තානාපතිවරයා මේ බව සඳහන් කළේ කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ “චීනය සහ දකුණු ආසියාව කරා වන එක්සත් ජනපදයේ විදේශ ප්‍රතිපත්තිය සහ ශ්‍රී ලංකාවට ඉන් වන බලපෑම” මැයෙන් පැවැති දේශනයකට සහභාගී වෙමිනි.

මෙය සංවිධානය කර තිබුණේ The Joint Apparel Association Forum Sri Lanka (JAAFSL) යන සංවිධානය සමග එක්ව the Pathfinder Foundation නම් සංවිධානයයි.

9/11 ප්‍රහාරය සමයේ එක්සත් ජනපදයට සිදු වූ විශාලතම අත්වැරැද්ද ලෙස බ්ලේක් මහතා පෙන්වාදෙන්නේ එෆ් බී අයි සහ සී අයි ඒ යනාදී බුද්ධි සහ නීති ක්‍රියාත්මක කරන ආයතන අතර විධිමත් සන්නිවේදන ක්‍රියාවලියක් සිදු නොවීමයි.

“අන්තර් නියෝජිතායතන සන්නිවේදනය හා අන්ත්‍ර ක්‍රියාකාරීත්වය ඉහළ නැංවීම උදෙසා ජනාධිපති බුෂ් විසින් නව කමිටුවක් සකස් කලා. එම කමිටුව සමන්විත වුනේ ජ්යෙෂ්ඨ බුද්ධි සහ ආරක්ෂක ප්‍රධානීන්ගෙන්. ඔවුන් සතිපතා රැස්වෙලා වඩාත් වැදගත් දේවල් විශ්ලේෂණය කරලා අවශ්‍ය පියවර ක්ෂණිකව ගනු ලැබුවා. එහි ප්‍රතිඵලයක් වශයෙන් එදා ඉඳලා අද වන තෙක් කිසිම ත්‍රස්ත ප්‍රහාරයක් සාර්ථක වුනේ නැහැ. අපිට විශාල වශයෙන් දේශීය ත්‍රස්තවාදී ප්‍රශ්න තිබුණා, අල් කයිඩාවන්ට හැකියාවක් තිබ්බෙ නැහැ ආයෙත් පැරිස් සහ අනෙකුත් ප්‍රදේශවලවත්. අනික, ශ්‍රී ලංකාවෙත් එහෙම වැඩ පිලිවෙලක් තිබ්බා ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක ලේකම්ව සිටි කාලයේ, ඔහු පුද්ගලිකව බුද්ධි අංශවල ක්‍රියාකාරිත්වය සොයා බලා වැදගත් තොරතුරු රටේ ඉහළ දේශපාලන බලාධිකාරිය සමග බෙදාගත්තා. ආරක්ෂක ප්‍රධානීන් නිරන්තරයෙන් ඒ ගැන සැළකිලිමත් වුණා. ඉතිං මං හිතන්නේ වර්තමාන ආණ්ඩුවත් මේ ගැන සිතිය යුතුයි. ඒ වගේ ක්‍රමවේදයක් නැවත ස්ථාපිත කරගත යුතුයි.” යැයි ද බ්ලේක් මහතා පැවසීය.