April 29, 2024
Main

Main (651)

ජාවාරම්කරුවන්ට රටේ ඉඩම් විනාශ කර දැමීමට ඉඩ තැබිය නොහැකි බව ජනාධිපතිවරයා අවධාරණය කරයි.

ඉඩම්වල අයිතිය පොදු ජනතාවට හිමිවිය යුතු අතර, ඉඩම් ප්‍රතිපත්තියක් කඩිනමින් සම්පාදනය විය යුතු බවට ද ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම උපදෙස් ලබා දුන්නේ ඉඩම් පනත සංශෝධනය පිළිබඳ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවක දී ය.

ඉඩම් පිළිබඳ නීති රීති සැකසීමේ දී කිසිවිටෙකත් ධනපති පන්තිය හෝ ජාවාරම්කාර ව්‍යාපාරිකයින් ශක්තිමත් කිරීමට කටයුතු නොකළ යුතු අතර රටේ අහිංසක දුක් විදින ගොවි ජනතාවට භූමියේ අයිතිය හිමිකර දීම වගකිව යුතු රජයක ප්‍රමුඛ අරමුණ විය යුතු බව ද ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේ ය.

එමෙන්ම රටක ඉඩම් භාවිතය පිළිබඳව ද නීති සම්පාදනය විය යුතු අතර, නව සංශෝධන යටතේ ඊට අදාල කොන්දේසි කිසිසේත් ඉවත් නොවිය යුතු බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

ඉඩම් පිළිබඳ බලය ප්‍රාදේශීය සභා වෙත පැවරීම හේතුවෙන් සිදුව ඇති දූෂිත තත්ත්වය ද පැහැදිළි කළ ජනාධිපතිවරයා ඒ පිළිබඳව ද අදාළ පාර්ශ්වයන්ගේ කඩිනම් අවධානය යොමු කළේය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, විජයදාස රාජපක්ෂ, රාජිත සේනාරත්න, පී. හැරිසන්, ගයන්ත කරුණාතිලක, දයා ගමගේ යන මහත්වරුන් ඇතුළු මැති ඇමතිවරු ද, අදාළ අමාත්‍යාංශ ලේකම්වරු ඇතුළු රාජ්‍ය නිලධාරිහු මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

කිසිදු දැනුම් දීමකින් තොරවම තමන්ට විපක්ෂයේ අසුනක් ලබාදී ඇතැයි පාර්ලිමේන්තු මන්තී‍්‍ර විජයදාස රාජපක්ෂ මහතා ඊයේ (19) පුවත්පතකට පවසා ඇත.

දින පනස් දෙකේ ආණ්ඩු පෙරළියෙන් පසුව නැවත එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව පත්වූ පසුව තමන්ට ලබාදී තිබුණේ විපක්ෂ ආසනයක් බවද හෙතෙම සඳහන් කළේය.

එම ආසනය ලබාදීමට පෙර තමන්ගෙන් ඒ පිළිබඳ කිසිදු විමසීමක් හෝ දැනුවත් කිරීමක් නොකළ බවද ඒ මහතා පවසා ඇත.

තමන් ද ඒ පිළිබඳව විමසීමක් නොකළ බවත් ඒ ගැන පැමිණිල්ලක් නොකරන බවත් කී ඒ මහතා තමන් කුමන පාර්ශ්වයක සිටිය ද තම කාර්යය නිසි ලෙස සිදුකරන බවද වැඩිදුරටත් සඳහන් කර ඇත.

අමාත්‍ය ධුර වලින් ඉවත් වූ කබීර් හෂීම් සහ M.H.A. හලීම් යළි අමාත්‍යවරුන් ලෙස ජනාධිපතිවරයා ඉදිරියේ යළි දිවුරුම් දුන්නේය.

ධුරවලින් ඉවත් වූ ආණ්ඩු පක්ෂයේ මුස්ලිම් මන්ත්‍රීවරුන් අද(18) දිනයේ විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබේ.

ඉදිරියේ දී ගනු ලබන තීන්දු තීරණ පිළිබඳව මෙහිදි සාකච්ඡා කිරීමට නියමිත බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා සඳහන් කළේය.

පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් එල්ල වන චෝදනා හේතුවෙන් ආණ්ඩුවේ  මුස්ලිම් අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන් හා නියෝජ්‍ය අමාත්‍යවරුන් පසුගියදා සිය ධුරවලින් ඉල්ලා අස්විය.

කෙසේවෙතත් ඉල්ලා අස්වු ඇතැම් අමාත්‍යවරුන්ට නැවත අදාළ ධුරවල කටයුතු කරන ලෙස විවිධ පාර්ශවවලින් මේ වන විට ඉල්ලීම් ඉදිරිපත් වී තිබේ.

ඒ පිළිබඳව සහ ඉදිරියේදී කටයුතු කරන ආකාරය පිළිබඳව අද දිනයේ සාකච්ඡා කොට අවසන් තීරණයක් ගැනීමට බලාපොරොත්තු වන බව මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

අමාත්‍ය ධුර වලින් ඉවත් වු මන්ත්‍රීවරුන් සඳහා හෙට(18) දිනයේදී පාර්ලිමේන්තුවේ පසුපෙළ අසුන් පනවන බව පාර්මේන්තුවේ වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු මහා පවසයි.

කෙසේවෙතත් මන්ත්‍රීවරුන් තිදෙනෙකුට පමණක් සුපුරුදු පරිදි ඉදිරි පෙළ අසුන් පනවන බව ඔහු සඳහන් කළේය.

පක්ෂ නායක රැස්වීමේදි ගත් තීරණයකට අනුව හිටපු අමාත්‍යවරුන් වන එක්සත් ජාතික පක්ෂ සභාපති කබීර් හෂිම්, ශ්‍රි ලංකා මුස්ලිම් කොංග්‍රස් නායක රවුෆ් හකීම්, සමස්ත ලංකා මහජන කොංග්‍රස් නායක රිෂාද් බදියුදීන් යන මහත්වරුන්ට ඉදිරි පෙළ අසුන් පැනවීමට තීරණය කර තිබේ.

ඒ අනුව සෙසු මන්ත්‍රිවරුන්ට ඔවුන්ගේ ජ්‍යෙෂ්ඨත්වය මත පසුපෙළ ආසන හිමිවනු ඇති  බව වාර්තා වෙයි.

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා මේ වන විට සිංගප්පූරු රෝහලකට වෛද්‍ය ප්‍රතිකාර සඳහා පිටත්ව ගොස් ඇති අතර මේ වන විට ඒ මහතා සුවයෙන් පසුවන බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් විරවංශ මහතා පවසයි.

මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයේ පැවති නඩු කටයුක්තකින් අනතුරුව මාධ්‍යවේදීයෙකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්  ඒ මහතා මේ බව සඳහන් කළේය.

"එතුමා වෛද්‍ය ප්‍රතිකාර සඳහා සිංගප්පූරුවට ගිහින් තිබෙනවා. සාර්ථකව ඒ වෛද්‍ය ප්‍රතිකාර කරගෙන තියෙනවා. තව ටික කාලයක් එතුමා විවේකීව ගත කරලා මේ රටේ සක්‍රීය දේශපාලනයට සම්බන්ධ වෙන්න බලාපොරොත්තුවෙන් පැමිණීමට නියමිතයි."

පාස්කු ඉරිදා දින මෙරටට එල්ල කළ බෝම්බ ප්‍රහාර දී ප්‍රධාන මෙහෙයුම්කරු වන සහරාන් හෂීම් සම්බන්ධයෙන් මූ රහසිගත වීඩියෝවක් මාධ්‍ය වෙත මුදාහැර තිබේ.

ජාතික තව්හිත් ජමාද සන්ධානයේ නායකයා වන සහරාන් හෂීම් විසින් සිදුකරන ලද දේශන සම්බන්ධයෙන් ඇතිවූ මත ගැටුමක් එම සංවිධානයේ සාමාජිකයන් අතර දැඩි ලෙස විවාදාත්මක තත්වයක් එම වීඩියෝවේ සදහන්ය.

සහරාන්ට අමතරව එම සාකච්ඡාවට සහභාගි වූ සෙසු පුද්ගලයන් කව්දැයි මෙතෙක් හඳුනාගෙන නැති අතර ඔවුන් සහරාන් සමග ත‍්‍රස්ත කටයුතු වලට සම්බන්ධ වූවන්ද නැද්ද යන්න සම්බන්දයෙන් තොරතුරු නැත.

මින් ඉදිරියට සිය දේශපාලන සහය ලැබෙනා කඳවුරක් නිර්මාණය කරනා කිසිඳු රජයකට අන්තවාදී මුස්ලිම් දේශපාලකයන් සහභාගී කර ගැනීමට ඉඩ නොදෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සදහන් කරයි.

ජාතික නිදහස් පෙරමුණ විසින් කැඳවා තිබූ මාධ්‍යහමුවකදී මන්ත්‍රීවරයා මේ බව පැවසීය.

රාජ්‍ය බලය ලබා ගෙන අන්තවාදය පෝෂණය කරනා දේශපාලකයන්ට නැවතත් රාජ්‍ය බලය ලබා දීම සියතින් ගෙල සිඳ ගැනීමට සමාන බවද වීරවංශ මන්ත්‍රීවරයා කියා සිටියේය.

අතීතයේ සිටම අන්තවාදයට හා අධිරාජ්‍යවාදයට එරෙහි සටනක තමන් නියැලුනු බවත්, තමන්ගේ මතවාදී අරගලයේ වෙනසක් සිදු නොවුනු බවත් ඒ බව ජවිපෙ කේ ඩි ලාල්කාන්ත පවා පුවත්පත් සාකච්ඡාවකදී ප්‍රකාශ කර තිබූ බවත් මන්ත්‍රීවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

කැබිනට් ඇමැතිධූරවලින් ඉල්ලා අස්වූ මුස්ලිම් ඇමැතිවරුන්ගේ අමාත්‍යංශවල වැඩ බැලිමට පත්කරන ලෙස ඉල්ලමින් එක්සත් ජාතික පක්ෂය විසින් යවන ලද ඇමැතිවරුන්ගේ නම් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ප්‍රතිකේෂප කරනු ලැබ ඇතැයි රජයේ ආරංචි මාර්ග කියයි.

ඒ හේතුවට ජනාධිපතිවරයා, එම අමාත්‍යංශවල රාජ්‍ය හා නියෝජ්‍ය ඇමැතිවරුන් වැඩබලන ඇමැතිවරුන් ලෙස පත්කරනු ලැබ ඇති බව වාර්තා වේ.

රවුෆ් හකීම් මහතා නගර සැලසුම් ජල සම්පාදන හා උසස් අධ්‍යාපන කැබිනට් ඇමැති ධූරයෙන් ද, කබීර් හෂීම් මහතා මහාමාර්ග මාර්ග සංවර්ධන හා ඛනිජ තෙල් සම්පත් සංවර්ධන ඇමැති ධූරයෙන් ද, රිෂාද් බදියුදීන් මහතා කර්මාන්ත වානිජ දිගුකාලීනව අවතැන්වූ පුද්ගලයින් නැවත පදිංචි කිරිම් සමුපකාර සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය ධූරයෙන් ද , අබ්දුල් හලීම් මහතා තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු ඇමැති ධූරයෙන් ද ඉකුත් දා ඉල්ලා අස්වුහ.

ඒ වෙනුවට රාජිත සේනාරත්න, මලික් සමරවික්‍රම හා රංජිත් මද්දුම බණ්ඩාර යන ඇමැතිවරුන් ද එම අමාත්‍යංශවල වැඩබැලීමට පත් කරන්නැයි ඉල්ලමින් එක්සත් ජාතික පක්ෂය ඔවුන්ගේ නම් ජනාධිපතිවරයා වෙත ඉකුත් දා යවා තිබිණි.

එය ප්‍රතික්ෂේප කර ඇති ජනාධිපතිවරයා කර්මාන්ත වානිජ කටයුතු නියෝජ්‍ය ඇමැති බුද්ධික පතිරණ මහතා වැඩබලන, කර්මාන්ත හා වානිජ දිගුකාලින අවතැන් වූ පුද්ගලයින් නැවත පදිංචි කිරිම සමුපකාර සංවර්ධන හා වෘත්තීය පුහුණු ඇමැතිවරයා ලෙස ද නගර සැලසුම් හා ජලසම්පාදන රාජ්‍ය ඇමැති ලකී ජයවර්ධන මහතා, වැඩබලන නගර සැලසුම්, ජල සම්පාදන හා උසස් අධ්‍යාපන ඇමැතිවරයා ලෙස ද ඛනිජතෙල් සම්පත් සංවර්ධන නියෝජ්‍ය ඇමැතිනී අනෝමා ගමගේ මහත්මිය, වැඩබලන මහාමාර්ග මාර්ග සංවර්ධන හා ඛනිජතෙල් සම්පත් සංවර්ධන ඇමැතිවරයා ලෙසද ජනාධිපතිවරයා විසින් පත්කරනු ලැබ බව වාර්තා විය.

ඒ අනුව එම තිදෙනා ජනාධිපති නිල නිවසේ දී ජනාධිපතිවරයා ඉදිරියේ පෙරේදා (10) දිවුරුම් දුන්හ.

මේ තතත්වය තුළ ජනාධිපතිවරයාත්,ආණ්ඩුවත් අතර දේශපාලන අර්බුදය තවත් උග්‍රවී ඇතැයි දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

 

සුළු පක්ෂ පාර්ලිමේන්තු මැතිවරණයකදි ලබා ගත යුතු ඡන්ද ප්‍රතිශතය සියට 12.5 දක්වා වැඩි කිරිමට කටයුතු නොකර මැතිවරණයේදි ජයග්‍රහණය කරන පක්ෂයට ප්‍රසාද මන්ත්‍රිධුර 15 ක් ලබා දීමට කටයුතු කළ යුතු බව පිවිතුරු හෙළ උරුමය පවසයි.

එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල මහතා ඊයේ (10) පැවති මාධ්‍ය හමුවකදි මේ බව පැවසීය.

1994 පසුව කිසිදු අවස්ථාවක මුස්ලිම් දේශපාලන පක්ෂක් තනිවම මැතිවරණයකට ඉදිරිපත් නොවු බවත් ඔවුන් සෑම විටම ප්‍රධාන පක්ෂයක් සමඟ ඡන්දයට ඉදිරිපත් වු බවද මන්ත්‍රීවරයා පවසයි.

සළු වීමේ අගය සියයට 12.5 දක්වා වැඩි කළොත් මුස්ලිම් පක්ෂ කෙසේ වෙතත් EPDP සහ ජනතා විමුත්ති පෙරමුණ වැනි පක්ෂ වලට පාර්ලිමේන්තුවට එමට කිසිදු අවස්ථාවක් නොමැතිවන බවද මන්ත්‍රීවරයා එහිදි ප්‍රකාශ කළේය.

ප්‍රධාන දේශපාලන පක්ෂ සුළු පක්ෂ මත යෑපිම සිදු වන්නේ සළු වීමේ අගව සියයට 5 වීම මත නිසා නොවන බවත්  පවතින මැතිවරණ ක්‍රමය යටතේ පාර්ලිමේන්තුවේ සරල බහුතරය වන 113 ලබා ගැනීමට දිනන පකෂයට නොහැකි වීම නිසා බවද මන්ත්‍රීවරයා පවසයි.