May 14, 2024

අසාද්සාලිටයි හිස්බුල්ලාටයි ආණ්ඩුකාරකම් ලබාදීම ජනාධිපති කල බරපතල වරදක් Featured

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ත්‍රස්තවාදය පරාජය කරනවා කිව්වට වැඩක් නැති බවත් ජනාධිපතිවරයා කියනදේ නොකරන ජනාධිපතිවරයෙක් බවත් ජාතික හිමිකම් සංවිධානයේ සභාපති පූජ්‍ය බෙංගමුවේ නාලක ස්වාමීන්වහන්සේ සදහන් කරයි.

ජාතික හිමිකම් සංවිධානය විසින් කැළණිය විහාරස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් උන්වහන්සේ මේ බව සදහන් කළහ.

එමෙන්ම අග්‍රාමාත්‍යතුමන් සදහන් කරන ආකාරයට මෙම ත්‍රස්ථවාදීන්හට දඩුවම් ලබා දීමට ප්‍රති ත්‍රස්ත පනතක් ගෙන ඒමට අවශ්‍ය නොවන බවත් මේ වන විට තිබෙන ත්‍රස්ත පනත දඩුවම් ලබාදීමට හොදටම ප්‍රමාණවත් බව ද උන්වහන්සේ සදහන් කළහ.

එම මාධ්‍ය හමුවේදී තවදුරටත් අදහස් දැක්වූ ස්වාමීන්වහන්සේ

"රිෂාඩ් බදුර්දීන් හිස්බුල්ලා අසාද්සාලි රහුමාන් යන අමාත්‍යවරුන් සහ ආණ්ඩුකාරවරුන් බරපතල ලෙස අන්තවාදී ත්‍රස්තවාදයට උපදෙස්දෙන හා නායකත්වය දෙන හෝ සහයෝගය දක්වන පිරිසක් බව දැන් රටම පිලින්නවා. ඒ අයට විරුද්ධව කිසි දෙයක් කරනනේ නැහැ. මේ වෙලාවේ රිෂාඩ් බදුර්දීන්ට එරහිව විශ්වාසභංග යෝජනාවක් ‍ගෙනවිත් තිබෙනවා. බැරිවෙලාවත් එම විශ්වාසභංග යෝජනාව බදුර්දීන් ජයග්‍රහණය කලහොත් බදුර්දීන් තවත් උඩට යනවාඑහෙම නොවෙයි මේ අය ගැන වෙනම පරීක්ෂනයක් පවත්වනන්න ඕන. පවත්වල ඒ අයට විරුද්ධව නීතිමය කටයුතු කරන්න ඕනජනාධිපති අසාද්සාලිටයි හිස්බුල්ලාටයි ආණ්ඩුකාරකම් ලබාදීම බරපතල වරදක්. මේ දෙන්නම අන්තවාදයට එදා ඉදලම සහය දක්වනවා . ඒවගේ අන්තවාදීන්ට ආණ්ඩුකාරකම් ලාබදුන්හම මොනවද වෙන්නෙඒ නිසා ජනාධිපති මම බය නැහැ කියලා කයිවාරු ගැහුවට වැඩක් නැහැ මේ වගේ පසුබිමක් හැදුවට මේ වගේ තත්වයකට රට ඇද දැමුවට ජනාධිපතිවරයා වගකියන්න ඕන."

Last modified on Saturday, 18 May 2019 12:34