April 27, 2024

සිරිසේන අද මෙතනට දුවගෙන එනවා - චන්ද්‍රිකා කියපු අනාවැකිය හරියටම හරි යයි

September 27, 2021

එස්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායක 62 වැනි ගුණ අනුස්මරණ දිනය ඊයේට (26) යෙදී තිබුණා.

එම අවස්ථාවට සහභාගී වූ හිටපු ජනපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එහි වත්මන් නායකයා පිළිබඳව අදහස් දැක්වීමට ද අමතක කළේ නැහැ.

වත්මන් පක්ෂ නායකයා

හිටපු ජනපතිනිය වත්මන් පක්ෂ නායකයා ගැන කිව්වේ මේ විදියට.

"පක්ෂයේ සභාපති අවුරුදු පහක් ජනාධිපති වෙලා හිටියා.ඒ කාලේ මෙතැනට ආවේ එක වතාවයි.අද නම් මෙතනට දුවගෙන එයි.මොකද හැම තැනින්ම පන්නලා තියෙන හින්දා."

එසේ පැමිණෙන්නේ ආයෙ බණ්ඩාරනායක නම විකුණගෙන කන්නද දන්නේ නැහැ යයිද හිටපු ජනපතිනිය ප්‍රකාශ කළා.

හිටපු ජනපතිනිය සඳහන් කළ ආකාරයටම පක්ෂ සභාපති , හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා පක්ෂයේ නිල මඩුල්ලක් සමග බණ්ඩාරනායක සමාධිය අසලට පැමිණ ගෞරව දැක්වූවා.

ගුණ සමරු උත්සවය

බණ්ඩාරනායක ගුණ සමරුව පක්ෂයෙන් සංවිධානය කළාදැයි එහිදී මාධ්‍යවේදීන් හිටපු ජනපතිනියගෙන් ප්‍රශ්නයක් නැගුවා.

ශ්‍රී.ල.නි.පය කවදාක්වත් බණ්ඩාරනායක ගුණ සමරුව සංවිධානය කළේ නැති බවත් , ඒවා කළේ බණ්ඩාරනායක පවුලෙන් බවත් ඊට පිළිතුරු ලෙස ප්‍රකාශ කළ හිටපු ජනපතිනිය පක්ෂය හැමදාම කළේ බණ්ඩාරනායක නම විකුණාගෙන කෑම බවට චෝදනාවක්ද එල්ල කළා.

බණ්ඩාරනායක මැතිනිය සෑම වර්ෂයකම ගුණ සමරුව පැවැත්වීමට හැකි ආකාරයට පසුබිම සකස් කර තිබූ බවත් එහිදී හිටපු ජනපතිනිය මාධ්‍ය අමතා අනාවරණය කළා.

Rate this item
(1 Vote)
Last modified on Monday, 27 September 2021 11:31

Related items