ඇල්පිටිය රෝහල වැඩි දියුණු කර දෙන මෙන් තමා පවිත්‍රා වන්නිආරච්චි සෞඛ්‍ය ඇමැතිවරියගෙන් කිහිප වතාවක් කළ ඉල්ලීම "හා කරන්නම්, හා කරන්නම්"කියමින් මග හැරිය බවට ගීතා කුමාරසිංහ මන්ත්‍රීවරිය චෝදනා කරයි.
පසුගිය දිනවල සෞඛ්‍ය ක්ෂේත්‍රයට ලෝකයේ බොහෝ තැන්වලින් මුදල් ලැබුණු බව හෙළිදරව් කරන මන්ත්‍රීවරිය ඒ මුදල්වලින් කොටසක් යොදා ඇල්පිටිය රෝහල වැඩිදියුණු කරන මෙන් තමා සෞඛ්‍ය ඇමතිවරිය ගෙන් ඉල්ලා සිටි බවද හෙළිකරයි.
ඇල්පිටියේ පාලමක් ප්‍රතිසංස්කරණ කර දෙන මෙන් කළ ඉල්ලීම ද තවම ඉටුකර දී නැති බව පෙන්වා දෙන මන්ත්‍රීවරිය තමන් නියෝජනය කරන ආණ්ඩුව මාර්ග හදන්නේ "එපා වාහෙට හොදි බෙදන්නා වගේ" ඕනවට එපාවට බවටද චෝදනා කරයි.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වීම ලොකු වරප්‍රසාදයක් නොවන බව පෙන්වා දෙන මන්ත්‍රීවරිය ඒ හරහා ජනතාව වෙනුවෙන් කළ යුතු ක්‍රියාදාමයක් තිබෙන බවත් වැදගත් එය බවත් සදහන් කරයි.
තමාව මන්ත්‍රී ධුරයට පත් කොට තිබෙන්නේ ජනතාව බැවින් වැරැද්දක් දුටුවිට නිහඬව සිටීම නොව එය හෙළිදරව් කිරීම මහජන නියෝජිතයකුගේ වගකීම බවද මන්ත්‍රීවරිය වැඩිදුරටත් සදහන් කරයි.