පසුගිය දින කිහිපය පුරා ජනපතිවරයා ආණ්ඩු පක්ෂයේ පසුපෙළ මන්ත්‍රී කණ්ඩායම මුණ ගැසුණා.
ඒ කණ්ඩායම් තුනක් හැටියටයි.
ගීතාගේ ආච්චි ගැන ප්‍රශ්නය
එහිදී ගීතා කුමාරසිංහ මන්ත්‍රීවරිය ඉතා අපූරු ප්‍රශ්නයක් ජනපතිට ඉදිරිපත් කළා.
ඒ කොතලාවල විද්‍යා පීඨ පනතට එරෙහිව උද්ඝෝෂණය කළ වයසක කත පොලිසිය විසින් උස්සාගෙන ගිය ආකාරය ගැනයි.
ආච්චි ගෙන ගිය විදිහ වැරදියි
"මොනවා වුණත් අර ආච්චිව උස්සගෙන ගිය විදිහ නම් හරි නැහැ" කියලා කුමාරසිංහ මන්ත්‍රීවරිය කිව්වේ ජනපති ඉදිරියේ.
ඊට පිළිතුරු දෙමින් ජනපතිවරයා මන්ත්‍රීවරිය ගෙන් අසා තිබෙන්නේ "ඔබට ආච්චි මතක් උනාද" කියායි.
මට ඔයගොල්ලෝ ගැනත් පුදුමයි
එහිදී එම වයසක කත හා දේශපාලන ව්‍යාපාර ගැන අදහස් දක්වමින් ජනපතිවරයා වැඩි දුරටත් සඳහන් කර තිබෙන්නේ තමන් මේ ගැන බුද්ධි අංශ යොදවා සොයා බැලූ බවත් එහිදී දැනගන්නට ලැබුණේ උද්ඝෝෂණ කිරීම ඇයගේ රැකියාව වන බවයි.
එක්තරා දේශපාලන පක්ෂයක පූර්ණ පූර්ණකාලීන සාමාජිකාවක් වන ඇය ගැන ඔය අයටත් තේරෙන්නැති එක පුදුමයක් බවද ජනපතිවරයා කුමාරසිංහ මන්ත්‍රීවරිය ඇතුළු සෙසු මන්ත්‍රීවරුන් අමතා සඳහන් කර තිබෙන්නේ.
දැනගන්නට තිබෙන තොරතුරු වලට අනුව මෙසේ පොලිසිය උස්සගෙන ගෙන ගිය කත 72 වන වියේ පසුවන නැණසීලී ද සිල්වා මහත්මිය වන අතර ආච්චි ලෙස සඳහන් කරමින් ජනපතිට ප්‍රශ්නෙ ඉදිරිපත් කළ කුමාරසිංහ මන්ත්‍රීවරිය පසුවන්නේ 66 වැනි වියේය.