May 19, 2024

ශ‍්‍රීලනිපය පාවා දුන්නා - චන්ද්‍රිකාගෙන් ප්‍රකාශයක්

නිහඩව සිටි හිටපු ජනාධිපතිනී, චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය යළි දේශපාලනය ගැන කතා කර තිබිණි. 

ඒ 1972 ජනරජ ව්‍යවස්ථාව සම්මත වී වසර 49ක් සැපිරීම වෙනුවෙන් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ආදි කර්තෘවරුන් සිහිකරමින් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණශාලා පරිශ‍්‍රයේදී පුෂ්පෝපහාර දැක්වීමේ අවස්ථාවෙන් පසුව මාධ්‍ය වෙත විශේෂ ප‍්‍රකාශයක් කරමිනි.

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ වර්තමාන නායකත්වය පෝට් සිටි පනතට සහාය පළකිරීම හරහා එම පක්‍ෂය පාවාදී සම්පූර්ණයෙන්ම විනාශ කළ බව හිටපු ජනාධිපතිනී, චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය චෝදනා කරයි.

එහිදී වැඩිදුරටත් පැවසූවේ "ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය කියලා පක්‍ෂයක් අද නැහැ. වර්තමාන පක්‍ෂ නායකත්වය මේ වනවිට පක්‍ෂය පොහොට්ටුවේ වලිගය බවට පත්කරලා ඉවරයි. එනිසා දැන් ඉන්න පක්‍ෂයේ නිලධාරි මණ්ඩලයට තවදුරටත් පක්‍ෂය ගැන කතා කරන්න අයිතියක් නැහැ. මේ රටට බණ්ඩාරනායක මැතිනියගේ අගය අදවන විට තවත් තේරෙනවා."

අපේ රට තවත් රටකට පාවා දී අවසන් බවත් ශ්‍රී ලංකාව යුරෝප රාජ්‍ය ගණනාවකට යටත් විජිතයන් බවට පත්වී තිබූ යුගය යටපත් කර චීනයේ කොලනියක් බවට පත් කර ඇති බවත් ඇය පෙන්වා දුන්නාය.

Rate this item
(1 Vote)