May 19, 2024

සුපුරුදු චන්ද්‍රිකා මතුවෙයි: විමුක්ති දේශපාලනයට ගේන කතාවක් මම කිව්වේ නැහැ

තමාගේ පුත්‍රයා වන විමුක්ති කුමාරතුංග දේශපාලනයට පැමිණෙන බව තමා කිසිවිටෙකත් ප්‍රකාශ කොට නොමැති බව හිටපු ජනපතිවරයෙකු වූ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි.

චන්ද්‍රිකා කුමාරතුංග හිටපු ජනපතිනියගේ කාර්යාලය යන ශීර්ෂ පාඨය යටතේ නිකුත් කොට ඇති එම නිවේදනයේ 2021 මාර්තු 8 වැනි දින එක්තරා යූටියුබ් නාලිකාවක් සමග පැවැත්වූ සාකච්ඡාවකදී සිදුකල ප්‍රකාශයක් පදනම් කොටගෙන තම පුතු විමුක්ති විමුක්ති කුමාරතුංගව දේශපාලනයට ගෙන ඒමේ කුමන්ත්‍රණයක් තමා සිදු කරමින් පවතින බවට මේ දිනවල ජන මාධ්‍ය සහ සමාජ මාධ්‍ය ඔස්සේ වන ප්‍රචාරය සාවද්‍ය එකක් බැවින් එය නිවැරදි කිරීමට මෙම නිවේදනය නිකුත් කිරීමට සිදු වූ බව කුමාරතුංග මහත්මිය සඳහන් කරයි.

එම සාකච්ඡාවේදී තමා එවැනි ප්‍රකාශයක් නොකළ බව සිය නිවේදනයෙන් පෙන්වා දෙන කුමාරතුංග මහත්මිය එහිදී තමන් සඳහන් කළේ ඊට හාත්පසින්ම වෙනස් අදහසක් බවද අවධාරණය කරයි.

තමාගේ ජීවිත දර්ශනයත්, සිය පියාගේ දේශපාලන දර්ශනය මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලන දර්ශනය පිළිබඳවද උදාහරණ සහිතව විග්‍රහයක් කුමාරතුංග මහත්මියගේ නිවේදනයට ඇතුළත්ය.

පැරණි රදළ දේශපාලන ක්‍රමය, ඒ තුළ පැවති රදල දේශපාලන පරම්පරාවන්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්ති සහ දර්ශනය, අද රටේ පවතින දේශපාලන, සමාජ හා සංස්කෘතිය ගැනද සිය නිවේදනයෙන් කරුණු දක්වා ඇති කුමාරතුංග මහත්මිය දේශපාලනය නිසා පියා, සැමියා සහ තමන්ගේ එක ඇසක් ද අහිමි කරගත් තමාට එකම පුතුද දේශපාලනය නිසා අහිමි කර ගැනීමේ අවශ්‍යතාවයක් නැති බවද අවසාන වශයෙන් සඳහන් කොට තිබේ.

එම නිවේදනය පහතින්,

Rate this item
(0 votes)
Last modified on Wednesday, 24 March 2021 14:39