May 19, 2024

“ආපස්සට යන්නේ නෑ“ චන්ද්‍රිකාගේ ඊලඟ දේශපාලන තේරීම ගැන කියයි

February 17, 2021

පළමුවෙන්ම ජනතාව වෙනස් විය යුතු බවත් ජනතාව වෙනස් කිරීමට අධ්‍යාපන ක්‍රමය උඩු යටිකුරු කළ යුතු බවත් හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරතුංග මහත්මිය පැවසුවාය.

අභාවප්‍රාප්ත විජය කුමාරතුංග මහතාගේ 33වන ගුණානුස්මරණ උත්සවය ඊයේ (16) පෙරවරුවේ කටුනායක සීදුව විජය කුමාරතුංග සමාධිය අසළදි පැවැත්වුණි. ඒ, හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරතුංග මහත්මියගේ ප්‍රධානත්වයෙනි.

ඊට සහභාගීවීමෙන් අනතුරුව ඇය මාධ්‍ය වෙත අදහස් පළ කරමින් මේ බව පැවසීය.

වෙනස් වර්ගයක දේශපාලන නායකයින් අවශ්‍ය  බවත් තරුණ උගත් හොරකම් නොකරන දේ්ශපාලනය බිස්නස් එකක් නොකරගන්නා අයෙකු අවශ්‍ය බවත් ඇය පෙන්වා දුන්නාය.

එහිදී මාධ්‍ය වෙත අදහස් දැක්වූ හිටපු ජනාධිපතිනිය, "අපි හදනවා. කවුරුහරි ඇවිත් විනාශ කරනවා. ඉතින් මේ රට කවදාවත් ඉදිරියට යන්න බෑ. තරුණ, උගත්, හොරකම් නොකරන, දේශපාලනය බිස්නස් එකක් නොකර ගන්න, අවංකව තමන්ගේ වියදමින් රටට වැඩකරලා ගෙදර යන කෙනෙක් ඕනේ. එක එක්කෙනාගෙ අත්වල එල්ලිලා යන දේශපාලනඥයින් ඉන්නෙකම් අපේ රට කරන්න බෑ. අපි හැදුවා, හැදුවා. ජීවිතයත් පරදුවට තියලා. දැන් ඔක්කොම අයෙත් අනෙක් පැත්තට හැරිලා. විජය හිටියා නම්.., විජය මං හිතන්නේ ගිහින් මුහුදට පනිනවා." යනුවෙන් සඳහන් කළාය.

Rate this item
(0 votes)