May 09, 2024

චන්ද්‍රිකා ඊලඟ පිම්මට සැරසෙයි - රටේ අවුල ගැන වීඩියෝ සංවාද අරඹයි

December 02, 2020

රටේ දැනට මතුව ඇති තත්ත්වය පිළිබද විශේෂ සංවාදයක් පැවැත්වීමට හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය කටයුතු කොට ඇත.

google meet තාක්ෂණය ඔස්සේ මෙම සංවාදය පැවැත්වීමට හිටපු ජනාධිපතිවරිය කටයුතු කොට තිබේ.

විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන තරුණ පිරිසක් මෙම සාකච්ජාවට සම්බන්ධ වී ඇති බව දැනගන්නට ඇත.

පසුගිය 2015 වසරේ යහපාලන ආණ්ඩුව ගෙන ඒමට මූලිකත්වය ගෙන තිබුනේද  හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය වන අතර එවකට රාජපක්ෂ ආණ්ඩුව පෙරලා එම ආණ්ඩුවේ ප්‍රබලයෙකු මෙන්ම ඇමැතිවරයෙකු වූ මෛත්‍රීපාල සිරිසේන මහතා පොදු අපේක්ෂකයා ලෙස පත් කර ගනිමින් 2015 ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීමට මූලික වූයේද එතුමියයි. 

Rate this item
(0 votes)