May 10, 2024

චන්ද්‍රිකා වැඩට බසී - ගම්පහ ජනතාවගේ ප්‍රසාදයක් හිමි වෙයි Featured

වසංගත තත්වය හේතුවෙන් සති කිහිපයක් ඇඳිරි නීතිය පනවා ඇති ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාවගේ අවශ්‍යතා පිරිමසා දීමට හිටපු ජනපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පෙරමුණ ගෙන ඇති බව ආරංචි මාර්ග ආරංචි මාර්ග සඳහන් කරයි.

පනවා ඇති ඇඳිරි නීති තත්ත්වය මත ඉතා අසරණ තත්ත්වයට පත්ව සිටින පවුල් වෙත හිටපු ජනපතිනිය අත්‍යවශ්‍ය ද්‍රව්‍ය බෙදා දීමට කටයුතු කර තිබෙන බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

මෙම පවුල් බොහොමයකට රජයෙන් ලබා දෙන රුපියල් 5000 දීමනාවද තාමත් ලබා ගැනීමට නොහැකිව තිබෙන තත්ත්වයන් තුළ හිටපු ජනපතිනිය විසින් කරගෙන යනු ලබන මෙම සත්ක්‍රියාව දිස්ත්‍රික්කයේ ජනතාවගේ ප්‍රසාදයට හේතු වී තිබේ.

Rate this item
(4 votes)