October 31, 2020

මැති ඇමැතිවරුන් 35ක් ගැන අල්ලස් කොමිසම පරීක්ෂණ අරඹයි - වත්මන් රජයේ ඇමැතිවරු තිදෙනෙකුත් ඒ අතර Featured

September 26, 2020

පාර්ලිමේන්තුවේ විපක්ෂයේ සහ ආණ්ඩුවේ මැති ඇමැති ධුර දරන 35 දෙනෙකු ගැන අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම පරීක්ෂණ ආරම්භ කර ඇතැයි වාර්තා වේ.

මෙම මැති ඇමැතින්ගෙන් බහුතරය පසුගිය යහපාලන රජය නියෝජනය කළ හිටපු ඇමැතිවරු බවද වාර්තා වේ.

දූෂණය, අයථා ලෙස වත්කම් රැස් කිරීම සහ රජයේ මුදල් අවභාවිතය යන චෝදනා මෙකී මැති ඇමැති පිරිසට එල්ල වී තිබේ.

යහපාලන රජය යටතේ ප්‍රබල ඇමැතිධුර දැරූ තිදෙනකුට දැනටමත් අධි චෝදනා යටතේ නඩු පවරා ඇත. එසේම වත්මන් රජය නියෝජනය කරන මැති ඇමැතීන් තිදෙනකුටද නඩු පවරා තිබේ.

යහපාලන රජය කාලයේ විපක්ෂයේ ප්‍රධාන භූමිකාවක් නියෝජනය කළ පක්ෂයක ප්‍රබල මන්ත්‍රීවරයකුටද අල්ලස් දූෂණ චෝදනාවක් එල්ලකර ඇති අතර ඒ ගැනද මේ වනවිට පරීක්ෂණ අරඹා ඇතැයි වාර්තාවේ.

පසුගිය රජය කාලයේ රජයේ ප්‍රධාන පෙළේ සමාගම් දෙකක් බංකොලොත් වන ආකාරයට ගනුදෙනු සිදුකළ හිටපු ඇමැතිවරුන් තිදෙනකුට දූෂණය යන වරදට අදාළව අද හෙටම නඩු පැවරීමට නියමිතය.

Rate this item
(0 votes)
Last modified on Saturday, 26 September 2020 10:46