මන්දගාමී හා අකාර්යක්ෂමව කටයුතු කරන අමාත්‍යාංශ ලේකම්වරුන් කිහිපදෙනකු හා රාජ්‍ය සංස්ථාවන්හි සභාපතිවරුන් කිහිපදෙනකු ඉදිරි සති කිහිපයේදී වෙනස් කිරීම කෙරෙහි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අවධානය යොමු වී ඇතැයි වාර්තා වේ.
එසේ වෙනස් වීමට නියමිත නිලධාරීන් අතර වගාවන්ට සම්බන්ධ අමාත්‍යාංශයක ලේකම්වරයකුද සිටින බව සඳහන් වේ.
ඊට අමතරව රාජ්‍ය බැංකුවක හා විදේශිකයන් සම්බන්ධ ආයතනයක සභාපති තනතුරද වෙනස් වීමට නියමිත බවටද දැනගන්නට තිබේ.