April 26, 2024

මාකදුරේ මදුෂ් මැරුණද? මැරුවද? නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගෙන් පිළිතුරු (VIDEO)

මාකදුරේ මධුෂ්ව මැරුවේ නැති බවත් ඇති වූ වෙඩි හුවමාරුව තුලින් මියගිය බවත් ඒ සියල්ල පොලීසිය අපකීර්තියට පත් කිරීමට ගෙතූ කතා බව බස්නාහිර පලාත භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, දේශබන්ධු තෙන්නකෝන් මහතා සඳහන් කරයි.

මාකදුරේ මධූෂ්ගේ බිරිද කලු තුෂාරගේ කලින් බිරිද පිලිබදවත් පොලිස් පරීක්ෂණ සිදු කරන බවත් ඇය ලංකාවට ආවේ කෙසේද යන්න පිළිබඳවත් පරීක්ෂණ පවත්වන බවද ඒ මහතා සඳහන් කරයි.

මිට පෙර මාකදුරේ මධූෂ්ට කතා කිරීමට දුරකතනයක් ලබා දී ඇති බවත් එම දුරකථනය ලබා දී තිබෙන්නේ ශානි අබේසේකර,රවී සෙනෙවිරත්න යන මහත්වරුන් දැනුවත්ව බව ඔප්පු වී තිබෙන බවත් ඒ පිළිබඳව සොයමින් සිටින බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා මෙම අදහස් පළ කළේ යූටියුබ් නාලිකාවක් සමඟ සාකච්ජාවකට එක්වෙමිනි.

එම සම්පුර්ණ වීඩියෝව පහතින්,

Rate this item
(2 votes)
Last modified on Thursday, 22 October 2020 17:17