May 07, 2024

පොලිස්පතිකමට අජිත් රෝහණ හා දේශබන්දු සටනක..ඒකයි ඇත්ත - චමුදිත හෙළි කරයි

ප්‍රශ්න කරන්නා පිළිතුරු සපයන්නා බවට පත්වෙමින් හිරු නාලිකාවේ එක්තරා වැඩසටහනකදී ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන් එම වැඩසටහන මෙහෙය වූ චමුදිත සමරවික්‍රම මතභේදාත්මක කරුණු රැසක් ඉදිරිපත් කරයි.

ප්‍රකට මාධ්‍යවේදියකු වන හරේන්ද්‍ර ජයලාල් සමග වැඩසටහනට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සම්බන්ධයෙන් විශේෂ හෙලිදරව්වක්ද කොට තිබෙනවා.

එම වැඩ සටහනේ දී අජිත් රෝහණ මහතා හා බස්නායක පළාත භාර නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අතර මීළඟ පොලිස්පති වීමේ තරගයක් තිබෙන බව චමුදිත හෙළිදරව් කරනවා.

ඒ විතරක් නෙවෙයි පසුගිය මාර්තු මාසයේ පමණ වන විට අජිත් රෝහණ මහතා නිහඬව සිටියේ ඔහුව දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් මීළඟ පොලිස්පති තරඟය මුල් කොටගෙන කළ කැපිල්ලක් නිසා බව ද සඳහන් කරන චමුදිත ඒ කාලයේ අජිත් රෝහණ මහතා රෝහල්ගතව සිටියා යැයි පවසන්නේ බොරුවට බවද සඳහන් කරනවා.

අදාල මතභේදාත්මක වැඩසටහන අජිත් රෝහණ මහතා පැමිණියේ පොතක සටහන් කර ගෙන ආ කරුණු කියා යෑමට බව පවසන චමුදිත ඔහුට වුවමනාව තිබුණේ එම වැඩසටහනේදී පොලිසිය සුද්ද කොට යෑමට පමණක් බවද සඳහන් කරනවා.

එහෙත් එම වැඩසටහන නරඹන ජනතාව බලාපොරොත්තු වෙන්නේ එය නොව සත්‍ය හෙළිදරව් කරගැනීම දැකීම බව කියන කියන චමුදිත තමා එදා කළේ ඒ කටයුත්ත බවද සඳහන් කරනවා.

අජිත් රෝහණ මහතා වර්තමාන පොලිස්පති සී.වී. වික්‍රමරත්න මහතාගේ කුණු සේදීමට කටයුතු කරන චමුදිත සඳහන් කරනවා.

Rate this item
(7 votes)