May 20, 2024

අද කාලගුණය : වැස්සේ වෙනසක්

December 31, 2021

උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බවත් බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ඇති විය හැකි බවයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

කන්කසන්තුරය සිට ත්‍රිකුණාමලය සහ මඩකලපුව හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි ඇති විය හැකි බවත් දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්වයක් පවතින බව මුහුදු ප්‍රදේශ සඳහා නිකුත් කරනු ලබන කාලගුණ අනාවැකියේ සඳහන්.

දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං ඊසාන දෙසින් හමන බවත් සුළගේ වේගය පැ.කි.මී. (25-35) පමණ විය හැකි බවට එම දෙපාර්තමේන්තුව අනතුරු අඟවනවා.

මන්නාරම සිට පුත්තලම හරහා මීගමුව දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 45 පමණ දක්වා වැඩි විය හැකි බවත් මන්නාරම සිට පුත්තලම හරහා මීගමුව දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වාවෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු විය හැකි බවත් දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශ විටින් විට මද වශයෙන් රළු විය හැකි බවත් එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා.

මේ අතර ඊයේ (30) රත්නපුර දිස්ත්‍රික්කයේ ගල් වැටීමේ අවධානමක් හේතුවෙන් පවුල් 4ක පුද්ගලයින් 18 දෙනෙකු නිවෙස් වලින් ඉවත් කිරීමට කටයුතු කර තිබෙන අතර කෑගල්ල දිස්ත්‍රික්කයේ ගංවතුර අවධානමක් හේතුවෙන් පවුල් 3ක පුද්ගලයින් 12දෙනෙකු නිවෙස් වලින් ඉවත් කිරීමට කටයුතු කර තිබෙන බව ආපදා කළමනාකරන මධ්‍යස්ථානය සඳහන් කළා.

එමෙන්ම කිලිනොච්චියේ අධික වර්ෂාව සහ ගංවතුර හේතුවෙන් එක්‌ පවුලක පුද්ගලයින් 4 දෙනෙකු ආරක්‍ෂිත ස්ථාන වෙත යොමු කර ඇති අතර ආපදා හේතුවෙන් සමස්ත පුද්ගලයින් 34දෙනෙකු පිඩාවට පත් වී තිබෙනවා.

Rate this item
(0 votes)