සමගි ජන බලවේගය අද (6) සමගි ජන බලවේගය පාර්ලිමේන්තුව වර්ජනය කළා.
ඒ ඉකුත් 5 වැනි දින එම පක්ෂයේ මනුෂ නානයක්කාර මන්ත්‍රීවරයාට ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් පිරිසක් පහර දීමට උත්සාහ කිරිමේ මුල් කොටගෙන.
සමගි ජන බලවේග තීරණය
මේ නිසා එදිනම සමගි ජන මන්ත්‍රී කණ්ඩායම පාර්ලිමේන්තුවෙන් ඉවත් වුණා.
එසේ ඉවත්ව ගියේ යළිත් සිය ආරක්ෂාව තහවුරු කරන තුරු පාර්ලිමේන්තු නොඑන බව සඳහන් කරමින්.
මේ සම්බන්ධයෙන් අද (6) පාර්ලිමේන්තුව ආරම්භයේදීම කතානායකවරයා ඒ සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කළා.
කතානායක ප්‍රකාශය
එහිදී අනිකුත් 4 වැනි දින හා ඊට පෙර දින පාර්ලිමේන්තුවේ ඇති වූ සිද්ධීන් පිළිබඳව තම කණගාටුව ප්‍රකාශ කරන බව සඳහන් කළ කතානායකවරයා මේ සම්බන්ධයෙන් සොයා බැලීමට කමිටුවක් පත් කරන බව සභාවට දැනුම් දුන්නා.
එම කමිටුව හෙට (7) පත් කරන බව සඳහන් කළ කතානායකවරයා ඒ සඳහා සියලු පක්ෂවල සහාය ලබා දෙන ලෙසද ඉල්ලා සිටියා.