සමගි ජන බලවේගය ඉකුත් 15 දින කොළඹදී පැවැත් වූ විරෝධතාවය පිළිබඳ සමාලෝචනයක නියැලී තිබෙනවා.
ඒ මීට ටික දිනකට පෙර පැවති සමගි ජන බලවේග කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී.
ප්‍රගති සමාලෝචනය
පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති එම රැස්වීමේදී මෙම විරෝධතාවයට සහභාගි වීම සඳහා ජනතාව ස්වාධීනවත් , බස් රථ වලිනුත් , දුම්රියෙනුත් හා පයිනුත් පැමිණි බව වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පෙන්වා දී තිබෙනවා.
එහෙත් එහිදී වැඩි අවධානය යොමු වූයේ මෙම විරෝධතාවයට සෙනග අඩුවෙන් ගෙන ගෙන ආ ආසන සංවිධායකවරුන් පිළිබඳවයි.
එවන් ආසන සංවිධායකවරුන් 10 ක් පමණ සිටින බවයි විරෝධතාවයේ සංවිධායක මණ්ඩලය කියා සිටියේ.
හේතු විමසීම
ඒ අය සමග කතා කොට ඊට හේතු විමසිය යුතු බව එහිදී තීරණය කොට තිබෙනවා.
එම කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමට හරින් ප්‍රනාන්දු , මනුෂ නානයක්කාර මන්ත්‍රී දෙපළ හා තලතා අතුකෝරල මන්ත්‍රිවරිය සහභාගී වී නැහැ.